Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 1:9 - Sinhala New Revised Version

9 දෙවියන් වහන්සේ දානියෙල්ට ප්‍රධාන නපුංසකයාගෙන් කරුණාවත්, අනුකම්පාවත් ලැබෙන්නට සැලැස්සූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 දෙවියන්වහන්සේ දානියෙල්ට නපුංසකයන්ගේ අධිපතියාගෙන් කරුණාවත් අනුකම්පාවත් ලැබෙන්ට සැලැස්වූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 1:9
14 හුවමාරු යොමු  

එහෙත්, සමිඳාණන් වහන්සේ ජෝසෙප් සමඟ වැඩසිට, ඔහුට කරුණාව පෙන්වා, සිරගෙදර පාලකයාගේ ප්‍රසාදය ද ඔහුට ලබා දුන් සේක.


මිනිසෙකුගේ කල්ක්‍රියාවලට සමිඳුන් සතුටු වන විට, ඔහුගේ සතුරෝ වුවද මිතුරන් වනු ඇත.


ඔවුන් වහල්කමට ගෙන ගිය සියල්ලන්ගෙන් ඔවුන්ට අනුකම්පාව ලැබෙන්නට සැලැසූ සේක.


ඔබට විරුද්ධ ව පව් කළ ඔබේ සෙනඟට ඔබට විරුද්ධ ව කළ ඔවුන්ගේ සියලු අපරාධවලට කමා වී, ඔවුන් වහල්කමට ගත් අය විසින් ඔවුන්ට අනුකම්පා කරනු ලබන හැටියට ඔවුන්ට ඒ අයගෙන් අනුකම්පාව ලබා දුන මැනව.


එවිට රජතුමා කතා කොට, “ඔබ ඉල්ලා සිටින්නේ කුමක් දැ”යි මාගෙන් ඇසී ය. එවිට, මම ස්වර්ගයේ දෙවියන් වහන්සේට යාච්ඤා කොට,


සියලු දුක්වලින් ඔහු මුදා, මිසරයේ රජ වූ පාරාවෝ ඉදිරියෙහි වරප්‍රසාදයත් ප්‍රඥාවත් ඔහුට දුන් සේක. පාරාවෝ තෙමේ මිසරයට ද තමාගේ මුළු රජ ගෙදරට ද, පාලකයා ලෙස ඔහු පත් කෙළේ ය.


සමිඳාණන් දැහැමි අය තමන්ට ම තෝරාගත් බව සිතට ගන්න. එතුමාණෝ මාගේ යැදුමට සවන් දෙන සේක.


අහෝ සමිඳාණන් වහන්ස! ඔබේ මෙහෙකරුවාගේ යාච්ඤාවටත්, ඔබේ නාමයට ගරුබිය දක්වන්නට ප්‍රිය වන මෙහෙකරුවන්ගේ යාච්ඤාවලටත් ඔබේ කන් යොමු කළ මැනව. අද ඔබේ මෙහෙකරුවාට ශුභසිද්ධිය සලසා දී රජ්ජුරුවන් ඉදිරියෙහි ඔහුට කරුණාව ලැබෙන්නට සැලසුව මැනව.” එවකට මම රජුගේ පාත්‍රධාරී ව සිටියෙමි.


“මින්මතු ඔබ ජාකොබ් නොවනු ඇත. ඔබ දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා සමඟ පොරබදා ජයගත් බැවින් ඔබේ නම ඉශ්රායෙල් වන්නේ ය”යි කී ය.


එතුමාණෝ දිළිඳුන් කඩුපතින් ද දුබලුන් බලවතුන්ගෙන් ද ගළවාගන්න සේක.


මෙසේ දිළිඳුන් හට පැතුමක් ඇත; අදමිටු දන නිහඬ වනු ඇත.


ප්‍රධාන නපුංසකයා දානියෙල්ට මෙසේ කී ය: “ඔබේ කෑම ද බීම ද නියම කළ මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට මම බිය වෙමි. යම් හෙයකින් ඔබේ වයසේ තරුණයන්ට වඩා ඔබේ මුහුණ මැලවී ඇති බව එතුමාට පෙනී ගියොත්, මාගේ හිස ගසාදැමීමෙන් මා අනතුරට භාජනය විය හැකි ය.”


ඒ තරුණිය ද හෙගයිට ප්‍රිය වී ඔහුගෙන් කරුණාව ලැබුවා ය. ඔහු විගස සුවඳ විලවුන් ද ඇගේ ආහාර කොටස ද රජ මාලිගාවෙත් විශේෂයෙන් තෝරාගත් තරුණයන් සත්දෙනෙකු ද ඈට දී ඈට සහ ඇගේ මෙහෙකාරියන්ට අන්තඃපුරයේ ඉතා ම හොඳ කොටෙසහි ලැගුම් දුන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්