Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 1:8 - Sinhala New Revised Version

8 දානියෙල් තෙමේ රජුගේ භෝජනයෙන් වත්, ඔහු බොන මිදියුසෙන් වත් තමා අපවිත්‍ර නොවී සිටින පිණිස අධිෂ්ඨාන කරගෙන, එසේ අපවිත්‍ර නොවී සිටීමට ප්‍රධාන නපුංසකයාගෙන් අවසර අයැද සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 එහෙත් දානියෙල් රජුගේ භෝජනයෙන්වත් ඔහු බොන මුද්‍රිකපානයෙන්වත් අපවිත්‍ර නොවී සිටීමට තමාගේ සිතින් නියමකරගෙන, එසේ අපවිත්‍ර නොවී සිටින්ට නපුංසකයන්ගේ අධිපතියාගෙන් අවසර ඉල්ලුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 1:8
22 හුවමාරු යොමු  

මා හද නපුරට ඇදී යාමට ද දුෂ්ට ක්‍රියාවලට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව. දුෂ්ටයන්ගේ මංගල බොදුනට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව.


යමෙක් විවාහ නොවීමට ස්ථීර ලෙස අදහස් කර ඇත්නම්, යම් කිසි බලපෑමක් ද නැත්නම්, තමාගේ සිත සම්පූර්ණයෙන් දමනය කිරීමට ද ඔහුට හැකි නම්, සිය විවාහ අපේක්ෂිකාව සමඟ විවාහ නොවීම යහපති.


දුදනෙනි, මා වෙතින් පලා යන්න. මම මාගේ දෙවිඳුන්ගේ ආඥාවන් පිළිපදිමි.


‘ඔබේ දැහැමි නියමයන් පිළිපදින්නෙමි’යි දිවුළෙමි. මම ඒවා ඉටු කෙළෙමි.


රජ තෙමේ තමා වළඳන භෝජනවලින් ද තමා පානය කරන මිදියුසින් ද කොටසක් දවස් පතා ඔවුන්ට දෙන්නටත් නියම කෙළේ ය. ඔවුන් තුන් අවුරුද්දක් පුහුණුව ලැබූ පසු රාජ සේවයට ඇතුළත් කළ යුතු ව තිබිණි.


ඔහු පැමිණ දේව වරප්‍රසාදය දැක, සන්තෝෂ වී, සමිඳාණන් වහන්සේට පක්ෂපාත ව, ස්ථීර ව, පවතින සේ සියල්ලනට අනුශාසනා කෙළේ ය.


එක් එක්කෙනා අකමැත්තෙන් වත් බලකිරීම නිසා වත් නොව, සිය කැමැත්තෙන් තීරණය කරගත් ලෙස දිය යුතු ය. සතුටු සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරන සේක.


යාග පඬුරුවල තෙල වැළඳූ, පානීය පූජාවල මිදියුස පානය කළ, ඔවුන්ගේ දෙවිදේවතාවෝ කොතැන ද?’ ඔව්හු නැඟිට සිට උපකාර කරත් වා! රැකවරණය සලසත් වා!


එවිට ඔව්හු පෙයොර්හි බාල් නමස්කාරයට රැස් වූවෝ ය; මළවුන්ට පිදූ දේ කෑවෝ ය.


සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ට කතා කොට, ‘නුඹ වෙනුවට නුඹේ සිංහාසනය පිට මා තබන නුඹේ පුත්‍රයා මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟනු ඇතැ’යි වදාළ හැටියට මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනඟන්නට මම අදහස් කරමි.


රූප සම්බන්ධ දූෂණකම්වලින් ද කාමමිථ්‍යාචාරයෙන් ද බොටුව මිරිකා මැරූ සතුන්ගේ මස් කෑමෙන් ද ලෙයින් ද වැළකෙන ලෙස ලිපියකින් දන්වා යැවිය යුතු ය, යනු යි.


ඔහුගේ රසවත් කෑමට ගිජු නොවන්න, මෙය ඔබ රැවටීමේ උපායක් වන්නට බැරි නැත.


ඔව්හු මත්පැන් බී, රන් රිදී, ලෝකඩ, යකඩ, ලී හා ගල්වලින් තනන ලද දෙවිවරුන්ට ප්‍රශංසා කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්