Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 9:9 - Sinhala New Revised Version

9 සමිඳාණන් වහන්සේ ඔබ සමඟ පිහිටෙවූ ගිවිසුම සටහන් කළ ගල් පුවරු ලබාගැනීම සඳහා මම කන්දට නැඟ එහි දවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් නැවතී සිටියෙමි. එකල මම කිසිත් නොකා නොබී සිටියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 සමිඳාණන් වහන්සේ ඔබ සමඟ පිහිටෙවූ ගිවිසුම සටහන් කළ ගල් පුවරු ලබාගැනීම සඳහා මම කන්දට නැඟ එහි දවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් නැවතී සිටියෙමි. එකල මම කිසිත් නොකා නොබී සිටියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 එසේ වුණේ ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ කළ ගිවිසුමේ ලෑලි වන ගල්ලෑලි ලබාගන්ට මා කන්දට නැගී, කෑම නොකා වතුර නොබී දවල් සතළිසක් හා රෑ සතළිසක් කන්දේ සිටියාවූද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 9:9
17 හුවමාරු යොමු  

මෝසෙස් ද කන්ද මත සමිඳාණන් වහන්සේ සමඟ දාවල් හතළිහක් හා රාත්‍රි හතළිහක් කිසිවක් නොකා නොබී සිටියේ ය. ඔහු ගිවිසුමේ වචන වන දස පණත ගල් පුවරුවල සටහන් කෙළේ ය.


මෝසෙස් ද වලාකුළ මැදට ගොස් කන්දට නැංගේ ය. ඔහු දවල් හතළිහක් හා රාත්‍රි හතළිහක් කන්දෙහි සිටියේ ය.


ඔහු නැඟිට කා බී, ඒ ආහාරයේ සවි ශක්තියෙන් දවල් සතළිසක් හා රෑ සතළිසක් ගමන් කර දෙවියන් වහන්සේගේ කන්ද වන හොරෙබ් ළඟට පැමිණියේ ය.


මෝසෙස් ඉන්පසු කන්දට නැංගේ ය. වලාකුළ කන්ද වසාගත්තේ ය.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “කන්දට නැඟ මා වෙත පැමිණ මෙහි නැවතී සිටින්න. නුඹ සෙනඟට උගන්වන පිණිස මා ලියූ ආඥා හා අණපණත් අඩංගු ගල් පුවරු මම නුඹට දෙමි”යි වදාළ සේක.


දහවල් සතළිසක් ද රෑ සතළිසක් ද නිරාහාර ව උන් පසු, උන් වහන්සේට සාගිනි ඇති විය.


එවිට මම කලින් කළාක් මෙන්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දාවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් මුණින්තළා වැඳ වැටී කිසිත් නොකා නොබී සිටියෙමි. මා එසේ කෙළේ ඔබ බොහෝ සේ පව් කොට, උන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ට ලෙස හැසිරෙමින්, උන් වහන්සේ කුපිත කළ බැවිනි.


මෙය උපමාවකි. ස්ත්‍රීහු දෙදෙනා ගිවිසුම් දෙකකි. වහල් කමට දරුවන් දැරූ ස්ත්‍රිය, සීනයි කන්දෙන් පැමිණෙන ගිවිසුම ය. ඒ හාගර් ය.


ඔහු, “ඔබ ඔවුන්ට පහර නොදිය යුතු ය. ඔබේ කඩුවෙන් ද ඔබේ දුන්නෙන් ද අල්ලාගත් තැනැත්තන්ට ඔබ පහර දෙන්නෙහි ද? ඔවුන් කා බී තමන්ගේ ස්වාමියා ළඟට යන පිණිස ඔවුන්ට කෑම ද වතුර ද දෙන්නැ”යි කී ය.


“මම ද ආපසු හැරී කන්දෙන් බැස ආවෙමි. කන්ද ගින්නෙන් දැවි දැවී තිබිණි. ගිවිසුමේ ගල් පුවරු දෙක ද මා දෑතෙහි විය.


උන් වහන්සේ සීනයි කන්ද මත මෝසෙස් සමඟ කතා කොට නිම කළ පසු, දේව ඇඟිල්ලෙන් ලියන ලද ගල් පුවරු වන ගිවිසුම් පුවරු දෙක ඔහුට දුන් සේක.


එහි රන්මුවා ධූම පූජාසනය ද සහමුලින් රන් ආලේප කළ ගිවිසුම් කරඬුව ද තිබුණේ ය. ඒ කරඬුවේ මන්නා දැමූ රන් බඳුන ද ආරොන්ගේ දලු ලෑ සැරයටිය ද ගිවිසුමේ ශිලාලේඛන ද විය.


උන් වහන්සේ ඔබ යටහත් බවට පමුණුවා සාගින්නෙන් යන්නට හැරිය සේක. ඉන්පසු ඔබ වත්, ඔබේ පියවරුන් වත් නොදත් ‘මන්නා’ නමැති කෑමෙන් ඔබ පෝෂණය කළ සේක. උන් වහන්සේ මෙසේ කෙළේ මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව සමිඳාණන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචනවලින් බව ඔබට උගන්වනු පිණිස ය.


තවද, දවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් ගෙවී ගිය පසු සමිඳාණන් වහන්සේ ගිවිසුම ලියා තිබූ ගල් පුවරු දෙක මට දුන් සේක.


මෝසෙස් කන්දෙන් බැස ඒමට ප්‍රමාද වන බව සෙනඟ දුටු විට, ඔව්හු ආරොන් වට කර, රැස් වී ඔහුට කතා කොට, “එන්න, අපට පෙරටුව යන පිණිස දෙවියෙකු සාදා දෙන්න. මිසර දේශයෙන් අප පිටතට ගෙනා මේ මෝසෙස් කියන මිනිසාට කුමක් වූයේ ද කියා අපි නොදනිමු”යි කී හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්