Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 7:15 - Sinhala New Revised Version

15 සමිඳාණන් වහන්සේ ඔබ අතරෙන් සියලු ලෙඩ දුක් දුරු කරනු ඇත. ඔබ දන්නා වූ, මිසරයේ තිබුණ, කිසි භයානක රෝගයක් ඔබ වෙත නොපැමිණෙනු ඇත. ඔබට වෛර කරන්නන් මත ඒවා උන් වහන්සේ එවන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 සමිඳාණන් වහන්සේ ඔබ අතරෙන් සියලු ලෙඩ දුක් දුරු කරනු ඇත. ඔබ දන්නා වූ, මිසරයේ තිබුණ, කිසි භයානක රෝගයක් ඔබ වෙත නොපැමිණෙනු ඇත. ඔබට වෛර කරන්නන් මත ඒවා උන් වහන්සේ එවන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 ස්වාමීන්වහන්සේ සියලු රෝග නුඹ කෙරෙන් පහකොට, නුඹ දන්නාවූ මිසරයේ අරිෂ්ට රෝගවලින් එකක්වත් නුඹ පිටට නොපමුණුවා, නුඹට වෛරවන සියල්ලන් පිට ඒවා තබනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 7:15
9 හුවමාරු යොමු  

උන් වහන්සේ ඔවුන් අමතමින්, “නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන් දී උන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි ව තිබෙන දේ කොට, උන් වහන්සේගේ ආඥාවලට කන් දෙමින් උන් වහන්සේගේ සියලු නියෝග රක්ෂා කරන්නෙහි නම්, මිසර වාසීන් පිට මා පැමිණවූ ලෙඩ රෝග එකක් වත් නුඹලා පිට නොපමුණුවමි. මන්ද, නුඹලාට සුවය දෙන සමිඳාණන් වහන්සේ මම ය”යි වදාළ සේක.


තවද, උන් වහන්සේ මිසර දේශයේ වූ බියකරු ලෙඩරෝග සියල්ල ඔබ පිට යළි පමුණුවන සේක. ඒවා ඔබෙන් තුරන් නොවන්නේ ය.


සුව විය නොහැකි ලෙස සමිඳාණන් වහන්සේ ඔබට මිසරයේ වූ ගඩු රෝග ද පිළිකා ද වණ ද කුෂ්ඨ සහ හොරි ද වැළඳෙන්නට සලසන සේක.


එවිට ගඩු නිසා ඉන්ද්‍රජාලිකයන්ට මෝසෙස් ඉදිරිපිට සිටින්න නොහැකි විය. මන්ද, ඉන්ද්‍රජාලිකයන් හා මිසර වාසීන් සියල්ලන් මත ගඩු හට ගැනිණි.


නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට නුඹලා වැඳුම්පිදුම් කළ යුතු ය. මම ආහාර පාන දී නුඹලාට ආශීර්වාද කරමින්, නුඹලා අතරින් ලෙඩ රෝග දුරු කරමි.


තවද, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පීඩා කළ ඔබේ සතුරන් පිට ද ඔබට වෛර කළ අය පිට ද මේ සාප සියල්ල වැටෙන්නට සලසන සේක.


එවිට ඔබට කිසි උවදුරක් නොවන්නේ ය; ඔබේ නිවෙසට කිසියම් වසංගතයක් ළං නොවන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්