Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 6:8 - Sinhala New Revised Version

8 අතේ ලකුණක් වනු පිණිස ද, නළල මත පටියක් වන පිණිස ද ඒවා බැඳ ගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 අතේ ලකුණක් වනු පිණිස ද, නළල මත පටියක් වන පිණිස ද ඒවා බැඳ ගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 ඒවා නුඹේ අතෙහි ලකුණක් පිණිස බැඳගන්න, ඒවා නුඹේ ඇස් අතරෙහි නළල් පටි පිණිස තිබේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 6:8
10 හුවමාරු යොමු  

මේ දවස නුඹලාට අනුස්මරණ දිනයක් ලෙස ද සමිඳාණන් වහන්සේ වන මා හට මංගලෝත්සව දිනයක් ලෙස ද පැවැත්විය යුතු ය. තවද, මතු සියලු පරම්පරාවල ම එය සදහට ම මංගල දිනයක් සේ පැවැත්වීමට නියෝගයක් පැනවිය යුතු ය.”


මේ පිළිවෙත ඔබේ අතෙහි ලකුණක් මෙන් ද ලලාටයෙහි පටියක් මෙන් ද විය යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පාමින් මිසරයෙන් අප පිටතට ගෙනා හෙයිනැ’යි කිව යුතු ය.”


තවද, සමිඳාණන් වහන්සේගේ මේ නීතිය ගැන නිතර ම කතා කරන පිණිස, මේ පිළිවෙත ඔබට, ඔබ අත ලකුණක් මෙන් ද, නළල මත සිහි වීමේ ලකුණක් මෙන් ද විය යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පාමින් ඔබ මිසරයෙන් පිටත ගෙනා සේක.


පක්ෂපාතකම හා විශ්වාසය අත් නොහරින්න; ඒවා ගෙල වටේ මාලයක් මෙන් බැඳගන්න. ගලෙහි කෙටූ අකුරක් මෙන් සිතෙහි සටහන් කරගන්න.


ඒවා නිරතුරු ඔබේ සිත්හි නිදන් කොට, මාලයක් මෙන්, ගෙල වටා බැඳගන්න.


ඇඟිලිවල මුදු මෙන් ඒවා නිරතුරු තබාගන්න, ඔබේ සිත් නමැති පුවරුවෙහි ඒවා සටහන් කරගන්න.


ඔවුන් හැම දෙය ම කරන්නේ මිනිසුන්ට පෙනෙන පිණිස ය. ඔව්හු ශුද්ධ ලියවිලි පාඨ සඳහන් බඳන පළල් කරගෙන නළලෙහි ද බාහුවල ද පළඳිති. වස්ත්‍රවල දාවලු මහත් කරති.


“එබැවින් ඔබ හැම මාගේ මේ වචන ඔබේ හදවතෙහි ද සිතෙහි ද තැන්පත් කරගත යුතු ය. ඔබේ අත්වල ලකුණක් මෙන් ද ඔබගේ නළල මත පටි මෙන් ද ඒවා බැඳගත යුතු ය.


එබැවින් අප ඇසූ ඉගැන්වීම්වලින් ඈත් ව නොයන පිණිස ඒවා ගැන ඔබ වඩා සැලකිල්ලක් දැක්විය යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්