Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 33:19 - Sinhala New Revised Version

19 ඔව්හු කන්දට සෙනඟ කැඳවති, දැහැමි පූජා එහි පුදති. සමුදුරේ ඇති සම්පත ද වෙරළෙහි සැඟවුණු නිධානය ද ඔව්හු ඇදගනිති.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ඔව්හු කන්දට සෙනඟ කැඳවති, දැහැමි පූජා එහි පුදති. සමුදුරේ ඇති සම්පත ද වෙරළෙහි සැඟවුණු නිධානය ද ඔව්හු ඇදගනිති.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 ඔව්හු කන්දට ජනයන් කැඳවාගෙන, එහි ධර්මිෂ්ඨකමේ පූජා ඔප්පුකරන්නෝය. මක්නිසාද ඔව්හු මුහුදුවල සම්පූර්ණකමද වැල්ලෙහි සැඟවී තිබෙන වස්තුවද උරාගන්නෝයයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 33:19
18 හුවමාරු යොමු  

මෙය දැක ඔබ ප්‍රීති වන්නහු ය. ඔබේ සිත ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා යන්නේ ය. මන්ද, මුහුදු මඟින් ගෙනෙන යසඉසුරු ඔබ වෙත ගලා එන්නේ ය. ජාතීන්ගේ වස්තුව ඔබ වෙත පැමිණෙන්නේ ය.


නියමිත පූජා සමිඳුන්ට පුදන්න; එතුමන් කෙරේ විශ්වාසය තබන්න.


බොහෝ දෙනෙකු පැමිණ මෙසේ කියනු ඇත: ‘එන්න, අපි යමු; සමිඳුන්ගේ කන්දට නඟිමු; ඉශ්රායෙල් දෙවිඳුන්ගේ මැදුරට පිවිසෙමු; එතුමාණන් පෙන්වන මාර්ගය ගැන ඉගෙන එහි ගමන්ගන්න අපට හැකි වනු ඇත.’ මන්ද, සමිඳුන්ගේ පණිවුඩය පැමිණෙන්නේ සියොන් කන්දෙන් ය; එතුමන් සෙනඟට කතා කරන්නේ ජෙරුසලමෙන් ය.


සමිඳුනි, ඔබට උරුමය වන කඳු මුදුනට, සමිඳුනි, ඔබේ වාසභවනය වන තැනට, ඔබ අතින් ඉදි කළ ශුද්ධස්ථානයට, ඔබ ඔවුන් ගෙන ගොස්, පිහිටුවන සේක.


ආත්මික ගෘහයක් ගොඩනඟන ලෙස ඔබ ජීවමාන ගල් මෙන් උන් වහන්සේ වෙත පැමිණ, එහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින්, දෙවියන් වහන්සේට ප්‍රසන්න ආත්මික පූජා පුද කරන පිණිස ශුද්ධ පූජක පිරිසක් වන්න.


‘එන්න, අපි සමිඳුන්ගේ කන්දට යමු; ජාකොබ්ගේ දෙවිඳුන්ගේ මාලිගාවට යමු. එවිට ස්වකීය මාර්ගය ගැන එතුමාණන් අපට උගන්වනු ඇත: අපි ද එතුමාණන්ගේ මාර්ගවල ගමන් කරන්නෙමු’යි කියන්නෝ ය. මන්ද, සමිඳුන්ගේ නීතිය සියොන් කන්දෙන් ද එතුමාණන්ගේ ඉගැන්වීම ජෙරුසලමෙන් ද නිකුත් වන්නේ ය.


මුව දෙනක ඇගේ කිරි දරුවාට කිරි පොවා රැක බලන්නාක් මෙන් ජාතීහු ද රජවරු ද නුඹ රැක බලාගනිති. ස්වාමීන් වන මම නුඹේ ගැළවුම්කාරයාණන් බවත්, ඉශ්රායෙල්වරුන්ගේ බලවන්තයාණන් නුඹේ මිදුම්කාරයාණන් බවත් නුඹ දැනගනු ඇත.


ඔව්හු තුති පූජා පුදත් වා! ප්‍රීති ගී ගයා එතුමන්ගේ ක්‍රියා ප්‍රකාශ කරත් වා!


එකල, දවන යාග පූජා වන නියමිත පඬුරුවලට ඔබ ප්‍රිය වන සේක. එවිට ඔබේ පුදසුන මත ඔව්හු ගව පූජා පුදන්නෝ ය.


එතුමාණෝ මිහි පිට ගිරිකුළු මත ඔවුන් ගෙන ගිය සේක. ගොඩ මඬ අස්වැන්නෙන් ඔවුන් පෝෂණය කළ සේක. පර්වතයෙන් මී පැණි ද ගිනිගලෙන් තෙල් ද ඔවුන්ට පෙවූ සේක.


සාබුලොන් වසන්නේ මූදුබඩ ය, ඔහුගේ වෙරළ නැව්වලට වරායකි, සීදොන් දක්වා, දේශ සීමා දික් වේ,


මාගේ ශුද්ධ සියොන් ගිර මත්තෙහි මා රජිඳු හට කිරුළු පළඳවා රජකම දුන්නෙමි.


“අපට ප්‍රීතිය පෙන්වන්නේ කවරෙක් දැ”යි බොහෝ දෙන කියති. සමිඳුනි, අප වෙත ඔබ කුළුණැස යොමු කළ මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්