Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 3:5 - Sinhala New Revised Version

5 මේ නගර සියල්ල ම අගුල් දැමූ වාසල් දොරටු සහිත උස් වූ ප්‍රාකාරවලින් සුරක්ෂිත වී තිබිණි. තවද, ප්‍රාකාරවලින් වට නොවූ නගර ගණනාවක් ද අල්ලා ගතිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 මේ නගර සියල්ල ම අගුල් දැමූ වාසල් දොරටු සහිත උස් වූ ප්‍රාකාරවලින් සුරක්ෂිත වී තිබිණි. තවද, ප්‍රාකාරවලින් වට නොවූ නගර ගණනාවක් ද අල්ලා ගතිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 මේ සියලු නුවරවල් උස්වූ පවුරුවලින්ද ද්වාරවලින්ද අගුල්වලින්ද සුරක්ෂිතකර තිබුණේය; ඒවා ඇර පවුරු නැති නුවරවල් මහත් ගණනක්ද අල්ලාගතිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 3:5
8 හුවමාරු යොමු  

සත් දිනක්, ජෙරිකෝවේ පවුරු වටා ගමන් කළ පසු, ඔවුන්ගේ ඇදහිල්ලෙන් ඒ පවුරු බිඳ වැටුණේ ය.


අප එහි යා යුත්තේ මන් ද? එහි ගිය අය, ඒ සෙනඟ අපට වඩා උස මහත සෙනඟක් බව ද, ඔවුන්ගේ විශාල නගරවල ප්‍රාකාර අහස දක්වා විහිදෙන බව ද, එහි දී අනාක්වරුන්ගේ පුතුන් වන යෝධයන් දුටු බව ද කියමින් අපේ සිත් අධෛර්යයට පත් කළ හ’යි කීවහු ය.


එහෙත්, ඒ දේශවාසීහු බලසම්පන්න ය. ඔවුන්ගේ නගර පවුරුවලින් වට කොට ඇත; ඒවා අති විශාල ය; ඇරත් අපි එහි දී අනාක්ගේ දරුමුණුබුරන් ද දුටිමු,


තවද, එකල අපි ඔවුන්ගේ නගරවලින් එකක් වත් නෑර, නගර සියල්ල ම අල්ලා ගතිමු. එනම්, නගර හැටක් සහිත බාෂාන්හි රජකම් කළ ඕග් රජුගේ රාජධානිය වූ, මුළු අර්ගොබ් පළාත ම අල්ලා ගතිමු.


හෙෂ්බොන්හි රජු වූ සීහොන්ට කළ ලෙස අපි මේ නගර සෑම එකක ම විසූ ස්ත්‍රී පුරුෂයන් ද සිඟිති දරුවන් ද නැත්තට ම වනසා දැමීමු.


ඒ නගරවලට පවුරු සහිත නගර ද පිටිසර ගම් ද ඇතුළත් ය. ඔවුන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තැබූ බෙත්-ෂෙමෙෂ්හි ජෝෂුවාගේ කෙතෙහි විශාල ගල, මේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂියක් වශයෙන් අද දක්වා ම තිබේ.


ඔව්හු පවුරු ඇති නගර ද සශ්‍රීක රටක් ද අල්ලාගෙන, සියලු ආකාර හොඳ දේවලින් පිරී තිබුණු ගෙවල් ද කණින ලද තටාක ද මිදි වතු ද ඔලීව වතු ද පල දෙන බොහෝ ගස් ද හිමි කරගත්හ. ඒවා අනුභව කොට, තෘප්තියට පැමිණ, තර වී, ඔබේ මහා යහපත්කම කරණකොටගෙන සැපෙන් පසු වූවෝ ය.


කුඩා නුවරවල වාසය කරන පිටිසර ජුදෙව්වරුන් අදාර් මාසයේ දහහතර වන දවස ප්‍රීතිමත්, ආනන්දජනක, එකිනෙකාට කෑම හා තෑගි යවන මංගල්‍ය දවසක් කරගෙන තිබෙන්නේ ඒ නිසා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්