Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 3:14 - Sinhala New Revised Version

14 මනස්සේගේ පුත් ජයිර් නමැත්තා, ගෙෂුර්වරුන්ගේ ද මාකාත්වරුන්ගේ ද සීමා දක්වා සම්පූර්ණ අර්ගොබ් පළාත, එනම්, බාෂාන් පළාත අල්ලාගෙන, ඊට තමාගේ ම නම දෙමින් හව්වොත්-ජායිර් කියා නම් තැබී ය. අද දක්වා ඒ නම පවතී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 මනස්සේගේ පුත් ජයිර් නමැත්තා, ගෙෂුර්වරුන්ගේ ද මාකාත්වරුන්ගේ ද සීමා දක්වා සම්පූර්ණ අර්ගොබ් පළාත, එනම්, බාෂාන් පළාත අල්ලාගෙන, ඊට තමාගේ ම නම දෙමින් හව්වොත්-ජායිර් කියා නම් තැබී ය. අද දක්වා ඒ නම පවතී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 මනස්සේගේ පුත්‍රවූ යායිර් තෙම ගෙෂූර්වරුන්ගේද මාකාත්වරුන්ගේද සීමාව දක්වා මුළු අර්ගොබ් පළාත අල්ලාගන ඒවාට එනම් බාෂාන්ට අද දක්වා තිබෙන්නාක්මෙන් තමාගේ නාමය ප්‍රකාර හව්වොත්-යායිර්යයි නම තැබුවේය.)

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 3:14
14 හුවමාරු යොමු  

මනස්සේගේ පුත් ජායීර් ගොස්, එහි තිබූ සමහර නගර අල්ලාගෙන ඒවාට හෙවාත්-ජායිර් කියා නම් තැබී ය.


අබ්සලොම් ගෙෂූර්හි රජ වූ අම්මිහුද්ගේ පුත් තල්මයි වෙත පලා ගියේ ය. දාවිත් තමාගේ පුත්‍රයා ගැන හැම දින ම බොහෝ කාලයක් තුළ වැලපිණි.


තවද, අම්මොන්වරු තමන් දාවිත් රජුට සතුරු වූ බව දැක, පණිවුඩකාරයන් යවා, බෙත්-රෙහොබ්හි සිරියන්වරුන්ගෙනුත්, ශෝබාහි සිරියන්වරුන්ගෙනුත් පාබළ සෙනඟ විසිදහසක් ද මිනිසුන් දහසක් සමඟ මයකාහි රජු ද ටෝබ්හි මිනිසුන් දොළො‍ස්දහසක් ද කුලියට ගත්හ.


දෙවැනියා කර්මෙලීය නාබල්ගේ බිරිඳ ව සිටි අබිගායිල්ගෙන් උපන් කිලෙයාබ් ය; තුන්වැනියා ගෙෂූර්හි රජ වූ තලමයිගේ දුව වන මයකාගේ පුත් අබ්සලොම් ය;


එසේ වී නමුත්, ඉශ්රායෙල් සෙනඟ ගෙෂුර්වරුන් ද මයකාත්වරුන් ද පන්නා නොදැමුවෝ ය. ගෙෂුර්වරු ද මයකාත්වරු ද අද දක්වා ඉශ්රායෙල්වරුන් අතරෙහි වාසය කරති.


තවද, එකල අපි ඔවුන්ගේ නගරවලින් එකක් වත් නෑර, නගර සියල්ල ම අල්ලා ගතිමු. එනම්, නගර හැටක් සහිත බාෂාන්හි රජකම් කළ ඕග් රජුගේ රාජධානිය වූ, මුළු අර්ගොබ් පළාත ම අල්ලා ගතිමු.


ගිලියද් දේශයෙන් ඉතිරි කොටස ද ඕග් රජුගේ රාජධානිය වන මුළු බාෂාන් ප්‍රදේශය, එනම්, මුළු අර්ගොබ් ප්‍රදේශය, මම මනස්සේගේ අර්ධ ගෝත්‍රයට දුනිමි. මුළු බාෂාන් ප්‍රදේශය රෙපායිම් යෝධයන්ගේ දේශය යයි කියනු ලැබේ.


ඔහු හෙර්මොන් කන්ද ද සලෙකා ද ගෙෂුර්වරුන්ගේ සහ මයකාත්වරුන්ගේ සීමා දක්වා මුළු බාෂාන් ද හෙෂ්බොන්හි රජ වූ සීහොන්ගේ සීමාව දක්වා ද ගිලියද් අර්ධයක් ද කෙරෙහි ආණ්ඩු කෙළේ ය. සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් ද ඉශ්රායෙල් සෙනඟ ද ඔවුන්ට පහර දුන්නෝ ය.


මෙසේ ජෝවාබ් පිටත් ව ගෙෂූර් නගරයට ගොස්, අබ්සලොම් ජෙරුසලමට කැඳවාගෙන ආවේ ය.


වරක් ඔවුන්ගේ ම නමින් ගම්බිම් තිබුණ නමුත්, දැන් ඔවුන්ගේ ගෙවල් සදහට ම සොහොන් ගෙවල් වී ඇත. ඔවුන් එහි සදහට ම වාසය කරනු ඇත.


නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ද කාරේයාගේ පුත් ජොහානාන් හා ජොනතන් ද තන්හුමෙත්ගේ පුත් සෙරායා ද නෙටොපාතියා ඒපයිගේ පුත්‍රයෝ ද මයකාතියයාගේ පුත් ජෙසනියා ද ඔවුන්ගේ සෙනඟ ද මිශ්පා නගරයේ සිටි ගෙදලියා වෙත ආහ.


ජායිර්හි ඊරාත් දාවිත්ගේ පූජකයා ය.


මයකාතිය ජාතිකයාගේ පුත් වන අහස්බයිගේ පුත් එලිපෙලෙත් ය; ගිලොනිය අහිතොපෙල්ගේ පුත් එලියාම් ය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්