Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 29:7 - Sinhala New Revised Version

7 ඔබ මෙතැනට පැමිණි විට හෙෂ්බොන්හි රජ වූ සීහොන් ද බාෂාන්හි රජ වූ ඕග් ද අපට විරුද්ධ ව සටනට පැමිණි නමුත්, අපි ඔවුන්ට පහර දුනිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔබ මෙතැනට පැමිණි විට හෙෂ්බොන්හි රජ වූ සීහොන් ද බාෂාන්හි රජ වූ ඕග් ද අපට විරුද්ධ ව සටනට පැමිණි නමුත්, අපි ඔවුන්ට පහර දුනිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 නුඹලා මේ ස්ථානයට පැමුණුණ කල හෙෂ්බොන්හි රජවූ සීහොන්ද බාෂාන්හි රජවූ ඕග්ද අපට විරුද්ධව යුද්ධයට ආවෝය. අපි ඔවුන්ට පහරදී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 29:7
10 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ මට කතා කොට,


“සමිඳාණන් වහන්සේ තවදුරටත් කතා කරමින්, ‘නැඟිට, ගමන අරඹා, අර්ණොන් නදියෙන් එතෙර වන්න. මෙන්න, හෙෂ්බොන්හි රජ වූ අමෝරි ජාතික සීහොන් ද ඔහුගේ රට ද මම නුඹේ බලයට දුනිමි. එය සතු කරගනු පිණිස සටන් අරඹා පහර දෙන්න.


දෙවි සමිඳාණන් වහන්සේ ඔහු අපට පාවා දුන් සේක. අපි ද ඔහුටත්, ඔහුගේ දරුවන්ටත්, සියලු සෙනඟටත් පහර දුන්නෙමු.


“අපි දේශය අයිති කරගත් විට, අර්ණොන් නදී ගං තෙර වූ අරෝයෙර් සිට විහිදී ගිය කොටස ද ගිලියද් කඳුකරයේ බාගයක් ද එහි නගර ද රූබන්ගේ සහ ගාද්ගේ පෙළපත්වල අයට දුනිමු.


ගිලියද් දේශයෙන් ඉතිරි කොටස ද ඕග් රජුගේ රාජධානිය වන මුළු බාෂාන් ප්‍රදේශය, එනම්, මුළු අර්ගොබ් ප්‍රදේශය, මම මනස්සේගේ අර්ධ ගෝත්‍රයට දුනිමි. මුළු බාෂාන් ප්‍රදේශය රෙපායිම් යෝධයන්ගේ දේශය යයි කියනු ලැබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්