Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 29:22 - Sinhala New Revised Version

22 “මෙසේ ඔබට පසු එන ඔබේ දරු පරම්පරා සහ දුර රටකින් පැමිණෙන විදේශිකයා, සමිඳාණන් වහන්සේ ඒ රටට එවූ වසංගත සහ ලෙඩරෝග ද දකින්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 “මෙසේ ඔබට පසු එන ඔබේ දරු පරම්පරා සහ දුර රටකින් පැමිණෙන විදේශිකයා, සමිඳාණන් වහන්සේ ඒ රටට එවූ වසංගත සහ ලෙඩරෝග ද දකින්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 එවිට නුඹලාට පසුව නැගිටින පරම්පරාව වන නුඹලාගේ දරුවන්ද දුර රටකින් එන විදේශියාද එසේය, සියලු ජාතීන්ද ඒ දේශයේ පීඩාවල් සහ ස්වාමීන්වහන්සේ ඒක පිටට පැමිණෙවු රෝගද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 29:22
9 හුවමාරු යොමු  

මේ දේශය මහා භීතියකට කරුණක් ද පිළිකුලක් ද කරන්නෙමි. ඒ ළඟින් යන අය බියෙන් බියට පත් වී ඔවුන්ට සිදු වූ විපත ගැන සරදම් කරන්නෝ ය.


එහෙත් ඒ පොළොව කටු ගස් ද, ගොකටු ද දරයි නම් ඉන් වැදගැම්මක් නැත; සාපය ඒ පිට පැමිණෙයි. දැවී යාමෙන් එය අවසන් වේ.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒදොම් භීතියට හේතුවක් වන්නේ ය. ඒ අසලින් යන සියල්ලෝ විස්මයට පත් වී ඊට පැමිණ තිබෙන විපත්ති ගැන දොඩන්නෝ ය.


මාගේ කෝපය නිසා කිසිවෙක් බබිලෝනියේ ජීවත් නොවෙති. එය නටබුන් ගොඩක් වන්නේ ය. බබිලෝනිය ළඟින් යන සියල්ලෝ ම එයට සිදු වී තිබෙන දේ ගැන විස්මයට පත් ව, ඊට වූ විපත්ති ගැන ඊට නින්දා කරන්නෝ ය.


එවිට සමිඳාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගර පිට අහසින් ගෙන්දගම් සහ ගිනි වර්ෂා වහින්න සැලැස්වූ සේක.


ඒ මිනිසා, සමිඳුන් නිර්දය ලෙස විනාශ කළ නගර මෙන් වේ වා! උදෑසන අනතුරු ඇඟවීම ද මද්දහනේ යුද ගොස ද ඔහුට ඇසේ වා!


සොදොම්හි සහ ගොමොරාවේ ද එහි අසල නගරවල ද ඇති වූ විනාශය ඒදොම්ටත් සිදු වන්නේ ය. කිසි මිනිසෙක් එහි වාසය නොකරන්නේ ය. කිසිවෙක් එහි පදිංචි නොවන්නේ ය.


“එප්‍රායිම් ජනයෙනි, මම කෙසේ ඔබ පාවා දෙන්නෙම් ද? ඉශ්රායෙල්, ඔබ කෙසේ අත්හරිම් ද? මා අද්මා නුවරට කළාක් මෙන් මට ඔබටත් කළ හැකි ද? ශෙබොයිම් නුවරට කළාක් මෙන් ඔබටත් කළ හැකි ද? එසේ කරන්නට මාගේ සිත ඉඩ නොදෙයි. ඒ ගැන සිතන විට මාගේ සිත කම්පා වෙයි.


ජීවමාන දෙවියන් වහන්සේ වන මම මාගේ නාමයෙන් දිවුරා, මෝවබ්, සොදොම් මෙන් ද අම්මොන්, ගොමොරා මෙන් ද විනාශ කරමි. ඒ දෙරට කහඹිලියා හා ලුණු වළවල් ඇති බිමක් ද සදහට ම පාළු වූ ස්ථානයක් ද කරන්නෙමි. මාගේ සෙනඟ අතුරෙන් ඉතිරි ව සිටින අය ඒ දෙරට කොල්ලකන්නෝ ය. මාගේ ජාතීන්ගෙන් ඉතිරි වූ අය ඔවුන්ගේ රට උරුම කරගන්නෝ ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්