Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 28:60 - Sinhala New Revised Version

60 තවද, උන් වහන්සේ මිසර දේශයේ වූ බියකරු ලෙඩරෝග සියල්ල ඔබ පිට යළි පමුණුවන සේක. ඒවා ඔබෙන් තුරන් නොවන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

60 තවද, උන් වහන්සේ මිසර දේශයේ වූ බියකරු ලෙඩරෝග සියල්ල ඔබ පිට යළි පමුණුවන සේක. ඒවා ඔබෙන් තුරන් නොවන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

60 නුඹට භය ඉපදෙවූවාවූ මිසරයේ සියලු රෝගත් නුඹ පිටට නැවත පමුණුවනසේක; ඒවාද නුඹට ඇලී තිබෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 28:60
6 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ ඔබ අතරෙන් සියලු ලෙඩ දුක් දුරු කරනු ඇත. ඔබ දන්නා වූ, මිසරයේ තිබුණ, කිසි භයානක රෝගයක් ඔබ වෙත නොපැමිණෙනු ඇත. ඔබට වෛර කරන්නන් මත ඒවා උන් වහන්සේ එවන සේක.


උන් වහන්සේ ඔවුන් අමතමින්, “නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන් දී උන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි ව තිබෙන දේ කොට, උන් වහන්සේගේ ආඥාවලට කන් දෙමින් උන් වහන්සේගේ සියලු නියෝග රක්ෂා කරන්නෙහි නම්, මිසර වාසීන් පිට මා පැමිණවූ ලෙඩ රෝග එකක් වත් නුඹලා පිට නොපමුණුවමි. මන්ද, නුඹලාට සුවය දෙන සමිඳාණන් වහන්සේ මම ය”යි වදාළ සේක.


සුව විය නොහැකි ලෙස සමිඳාණන් වහන්සේ ඔබට මිසරයේ වූ ගඩු රෝග ද පිළිකා ද වණ ද කුෂ්ඨ සහ හොරි ද වැළඳෙන්නට සලසන සේක.


සමිඳාණන් වහන්සේ ඔබටත්, ඔබේ පෙළපතටත් පුදුමාකාර, භයානක, කල් පවතින වසංගත හා කල් පවතින දරුණු ලෙඩරෝග පමුණුවන සේක.


“මා මිසර දේශයේ ඇති කළ වසංගතයට සමාන වසංගතයක් නුඹලා අතරේ ද ඇති කෙළෙමි; නුඹලාගේ තරුණයන් ද කඩුවෙන් මරාදමා, නුඹලාගේ අශ්වයන් පැහැරගෙන ගියෙමි; කඳවුරුවල දුර්ගන්ධයෙන් නුඹලාගේ නාස් පුඩු පිරෙව්වෙමි. එහෙත්, නුඹලා මා වෙත හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.


ඒ මන්ද, මම මේ වතාවේ ඔබ පිට ද ඔබේ නිලධාරීන් හා සෙනඟ පිට ද වසංගත සියල්ල ම එවන්නෙමි. එවිට මුළු මිහි පිට මා වැනි අන් කෙනෙකු නැති බව ඔබ දැනගන්නෙහි ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්