Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 26:12 - Sinhala New Revised Version

12 “දසයෙන් කොටස දෙන අවුරුද්ද වන තෙ වන අවුරුද්දේ දී, ඔබේ අස්වනු සියල්ලෙන් දසයෙන් කොටස වෙන් කොට, ලෙවීවරයා ද විදේශිකයා ද අනාථයා ද වැන්දඹුව ද ඔබේ නගරය තුළ එය අනුභව කොට තෘප්තිමත් වූ පසු

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 “දසයෙන් කොටස දෙන අවුරුද්ද වන තෙ වන අවුරුද්දේ දී, ඔබේ අස්වනු සියල්ලෙන් දසයෙන් කොටස වෙන් කොට, ලෙවීවරයා ද විදේශිකයා ද අනාථයා ද වැන්දඹුව ද ඔබේ නගරය තුළ එය අනුභව කොට තෘප්තිමත් වූ පසු

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 දසයෙන් කොටස දෙන අවුරුද්ද වන තුන්වෙනි අවුරුද්දේදී නුඹේ අස්වැන්නෙන් දසයෙන් කොටස් සියල්ලම නුඹ වෙන්කර තීන්දුකළ කල්හි, ලෙවීයයාද විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද නුඹේ නුවර දොරටු තුළදී කා තෘප්තියට පැමිණෙන පිණිස ඒවා ඔවුන්ට දී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 26:12
11 හුවමාරු යොමු  

මන්ද, ඉශ්රායෙල් ජනයා මට පුදන විශේෂ පඬුරුවලින් දසයෙන් කොටස මා ලෙවීවරුන්ට උරුම කොට දී තිබේ. ඉශ්රායෙල් ජනයා අතර කිසි උරුමයක් ඔවුන්ට නොලැබෙන්නේ ය කියා මා ඔවුන්ට කීවේ ඒ නිසා ය.”


“කෙත්වතුවල ධාන්‍යයෙන් හෝ ගස්වල පලදාවෙන් හෝ ඇති වන භූමියේ මුළු අස්වැන්නෙන් දහයෙන් පංගුවක් සමිඳාණන් වහන්සේට කැප වූවකි. එවැන්නක් උන් වහන්සේට ශුද්ධ වස්තුවකි.


කෙනෙකු හෙළා දැකීම පාපයකි; දිළිඳුන්ට අනුකම්පා කිරීම වාසනාවකි.


ආදි පිතෘවර ආබ්‍රහම් පවා තමා පැහැරගත් දෙයින් දසයෙන් කොටස ඔහුට දුන්නේ ය. ලෙවීගේ පුත්‍රයන් අතරෙන් පූජක පදවිය ලබන්නෝ ව්‍යවස්ථාව අනුව ජනතාවගෙන්, එනම්, ආබ්‍රහම්ගෙන් පැවත එන සිය සොහොයුරන්ගෙන් පවා, දසයෙන් කොටස ගන්නට බලය ලැබ සිටිති.


මෙසේ පවත්වන ඒ මංගල්‍යයේ දී ඔබ ද ඔබේ පුතා ද දුව ද ඔබේ දැසිදසුන් ද ලෙවීවරුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින විදේශීන් ද අනාථයන් සහ වැන්දඹුවන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.


ඇරත් දසයෙන් කොටස ලැබූ ලෙවී පවා ආබ්‍රහම් හේතුකොටගෙන දසයෙන් කොටස ගෙවූ බව කිව හැකි ය.


තවද, අස්වැන්න නෙළන කාලයේ දී නුඹලා පහෙන් එක පංගුවක් පාරාවෝට දිය යුතු ය. පංගු හතරක් කෙතේ වැපිරීම පිණිසත්, නුඹලාගේ ද නුඹලාගේ ගෙවැසියන්ගේ හා කුඩා දරුවන්ගේ ද ආහාර පිණිසත් නුඹලාට වන්නේ ය”යි කී හ.


මෙසේ ජෝසෙප් මිසරයේ දේපළ සම්බන්ධයෙන් අද දක්වා වලංගු වන රජයට පහෙන් පංගුව දීමේ පණත පැනවී ය. පූජකයන්ගේ ඉඩකඩම් පමණක් පාරාවෝට අයිති නොවී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්