Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 25:7 - Sinhala New Revised Version

7 එහෙත්, ඒ තැනැත්තා මියගිය තම සහෝදරයාගේ බිරිඳ පාවා ගන්නට අකමැති නම්, ඈ වාසල් දොරකඩ සිටින ප්‍රජා මූලිකයන් වෙත ගොස්, ‘මාගේ සැමියාගේ සහෝදරයා, ඔහුගේ මියගිය සහෝදරයාට ඉශ්රායෙල් ජනයා අතර නාමයක් රඳවාගැනීම ප්‍රතික්ෂේප කරයි. මාගේ සැමියාගේ සහෝදරයාට පැවරෙන යුතුකම් ඔහු ඉටු කරන්නේ නැතැ’යි කිව යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 එහෙත්, ඒ තැනැත්තා මියගිය තම සහෝදරයාගේ බිරිඳ පාවා ගන්නට අකමැති නම්, ඈ වාසල් දොරකඩ සිටින ප්‍රජා මූලිකයන් වෙත ගොස්, ‘මාගේ සැමියාගේ සහෝදරයා, ඔහුගේ මියගිය සහෝදරයාට ඉශ්රායෙල් ජනයා අතර නාමයක් රඳවාගැනීම ප්‍රතික්ෂේප කරයි. මාගේ සැමියාගේ සහෝදරයාට පැවරෙන යුතුකම් ඔහු ඉටු කරන්නේ නැතැ’යි කිව යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 ඒ මනුෂ්‍යයා තමාගේ සහෝදරයාගේ භාර්යාව පාවාගන්ට අකැමැති නම් ඔහුගේ සහෝදරයාගේ භාර්යාව දොරටුවෙහි සිටින වැඩිමහල්ලන් වෙතට ගොස්: මාගේ පුරුෂයාගේ සහෝදරයා තමාගේ සහෝදරයාට ඉශ්‍රායෙල්හි නාමයක් උපදවන්ට කැමති නැත, ඔහු පුරුෂයෙකුගේ සහෝදරයාගේ යුතුකම මට කරන්ට නොකැමැත්තේයයි කියාවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 25:7
4 හුවමාරු යොමු  

එවිට නුවර ප්‍රජා මූලිකයන් ඔහු කැඳවා, ඔහුට කතා කළ යුතු ය. ‘මම ඇය සරණ පාවාගන්නට අකමැත්තෙමි’යි ඔහු තදින් කියා සිටින්නේ නම්,


“ඔව්, අපි සාක්ෂිකාරයෝ ය”යි එතැන සිටි සෙනඟ කී හ. ප්‍රජා මූලිකයෝ මෙසේ කී හ: “ඔබේ ගෙදරට පැමිණෙන මේ ස්ත්‍රිය, ඉශ්රායෙල් වංශය ගොඩනැඟුව රාකෙල් සහ ලෙයා මෙන් වේ වා! ඔබ එප්‍රාතාහි බලවත් වේ වා! බෙත්ලෙහෙම්හි කීර්තිමත් වේ වා!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්