Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 22:7 - Sinhala New Revised Version

7 කිරිල්ලී ගිය පසු පැටවුන් ඔබට ගත හැකි ය. මෙලෙස කළොත් ඔබට සෙත සැලසේ; ඔබේ ආයු දික් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 කිරිල්ලී ගිය පසු පැටවුන් ඔබට ගත හැකි ය. මෙලෙස කළොත් ඔබට සෙත සැලසේ; ඔබේ ආයු දික් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 නුඹට ශුභ සිද්ධවන පිණිසද නුඹේ දවස් වැඩිවන පිණිසද කෙසේ නමුත් මවට යන්ට හැර පැටවුන් පමණක් ගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 22:7
5 හුවමාරු යොමු  

යටහත්කම ද සමිඳුන් කෙරේ ගරුබිය ද ඇති තැන, සම්පත, ගෞරවය හා දිගායු ඇත.


එළදෙනක සමඟ උගේ වස්සා ද බැටළු දෙනක සමඟ උගේ පැටියා ද එක දින ම නොමැරිය යුතු ය.


“ඔබ අලුත් ගෙයක් ඉදි කරන විට, වහලෙන් යමෙකු ලිස්සා නොවැටෙන සේ වහල වෙට්ට ම බිත්තියක් තැනිය යුතු ය. යමෙකු එයින් ලිස්සා වැටී මැරුණොත්, ඒ මරණය පිළිබඳ වගකීම ඔබේ ගෘහයේ අය පිට නොපැවරේ.


ඔබට ද ඔබෙන් පසු ඔබේ පෙළපතට ද ශුභසිද්ධිය සැලසෙනු පිණිසත්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හට සදහට ම දානය කරන දේශයෙහි ඔබ දිගායු වළඳන පිණිසත් මා ඔබට අද දින අණ කරන උන් වහන්සේගේ නීති සහ නියෝග ඔබ පිළිපැදිය යුතු ය.”


ඔබට දිවි ඇති තාක් ශුභසිද්ධිය වන පිණිසත්, ඔබ අයිති කරගන්නට යන දේශයෙහි චිරාත් කාලයක් ජීවත් වන පිණිසත්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කරන සියල්ලට කීකරු ව ජීවත් විය යුතු ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්