Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 22:29 - Sinhala New Revised Version

29 ඔහු ඒ තරුණියගේ පියාට රිදී කාසි පණහක් දිය යුතු ය. ඇය ඔහුගේ බිරිඳ වන්නී ය. ඔහු ඇයට අගෞරව කළ බැවින් දිවි ඇති තාක් ඇය නෙරපා නොදැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 ඔහු ඒ තරුණියගේ පියාට රිදී කාසි පණහක් දිය යුතු ය. ඇය ඔහුගේ බිරිඳ වන්නී ය. ඔහු ඇයට අගෞරව කළ බැවින් දිවි ඇති තාක් ඇය නෙරපා නොදැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 ඈ සමඟ සයනයකළ මනුෂ්‍යයා යෞවනියගේ පියාට රිදී ෂෙකෙල් පනසක් දෙන්ට ඕනෑය, ඔහු ඈට අවමාන්නකළ බැවින් ඈ ඔහුගේ භාර්යාව වන්නීය: ඔහු තමාගේ සියලු දවස්හිම ඈ අත්නොහැර සිටින්ට ඕනෑය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 22:29
7 හුවමාරු යොමු  

ඔබ ඔවුන් දෙදෙනා ඒ නගරයේ වාසල් දොරකඩට ගෙනවුත් ගල් ගසා මරණයට පත් කළ යුතු ය. තරුණිය මැරිය යුත්තේ නගරය තුළ දී ඈට එය වූ බැවින්, කෑ ගසා බේරෙන්නට ඇයට ඉඩ ප්‍රස්තාව තිබූ නිසා ය. පුරුෂයා මැරිය යුත්තේ, ඔහු තම අසල්වැසියාගේ බිරිඳට අගෞරව කළ බැවිනි. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ.


තවද, ඔහුට රිදී කාසි සියයක් දඩ ගසා ඒවා ඒ තරුණියගේ පියාට දිය යුතු ය. මෙසේ කළ යුත්තේ ඉශ්රායෙල් ජාතික කන්‍යාවක පිට ඔහු නරක නාමය පැවරූ බැවිනි. ඇය ඔහුගේ බිරිඳ වන්නී ය. දිවි ඇති තාක් ඔහුට ඇය පන්නාදැමිය නොහැකි ය.


එහෙත්, කාලයක් ගිය පසු ඔබ ඇයට කැමැති නැත්නම්, ඈට කැමැති තැනකට යන්න ඉඩ හැරිය යුතු වේ. එහෙත් ඔබ ඇය බිරිඳ කොට තබාගත් බැවින් වහලියක මෙන් සලකා, මුදලට විකිණිය යුතු නොවේ.”


“යමෙකු විවාහ ගිවිසුමක් කර නැති කන්‍යාවක පොළඹවා ඈ සමඟ සයනය කළොත් ඔහු දෑවැද්ද දී ඈ සමඟ විවාහ විය යුතු ය.


“යම් මිනිසෙකු අන් පුරුෂයෙකුට විවාහ ගිවිසුම් බස් නුදුන් තරුණ කන්‍යාවක බලහත්කාරකමින් දූෂණය කොට හසුවුවහොත්,


“යම් පුරුෂයෙකු තම පියාගේ බිරිඳ සරණ පාවාගෙන ඒ පියාට නින්දා කළ යුතු නොවේ.”


එහෙත්, මෘගයාගේ අයිතිකරු ළඟ සිටියේ නම් ඔහු අලාභය නොගෙවිය යුතු ය. ඌ කුලියට ගත් මෘගයෙකු නම් ඔහු කුලී මිල ගෙවිය යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්