Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 21:23 - Sinhala New Revised Version

23 මුළු රැය ම ඔහුගේ මළකඳ ගසේ තිබෙන්නට නෑර, කෙසේ නමුත් එදින ම එය භූමදාන කළ යුතු ය. එල්ලා මරන ලද තැනැත්තා, දේව සාපයට පාත්‍ර වූ කෙනෙකි. මෙසේ කිරීමෙන් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන දේශය දූෂ්‍ය නොවන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 මුළු රැය ම ඔහුගේ මළකඳ ගසේ තිබෙන්නට නෑර, කෙසේ නමුත් එදින ම එය භූමදාන කළ යුතු ය. එල්ලා මරන ලද තැනැත්තා, දේව සාපයට පාත්‍ර වූ කෙනෙකි. මෙසේ කිරීමෙන් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන දේශය දූෂ්‍ය නොවන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් කොට නුඹට දෙන දේශය නුඹ විසින් අපවිත්‍රකරනු නොලබන පිණිස ඔහුගේ මළකඳ රාත්‍රියෙහි ගසේ තිබෙන්ට නෑර, එය එම මුළු දවසේදීම තැන්පත්කරන්න; මක්නිසාද එල්ලනු ලබන තැනැත්තේ දෙවියන්වහන්සේගෙන් ශාප ලද්දෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 21:23
18 හුවමාරු යොමු  

“ගසක එල්ලනු ලබන සියල්ලෝ සාප ලද්දෝ ය”යි ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා එම සාපය විඳ, ව්‍යවස්ථාවේ සාපයෙන් අප මුදාගත් සේක.


එය සබත් දිනට පෙර සූදානම් වීමේ දවස විය. ඒ සබත් දවස විශේෂ දිනයක් වූ බැවින් එදින ශරීර කුරුසිවල ම නොතිබෙන පිණිස, කුරුසියේ ඇණ ගැසූ අයගේ කකුල් කඩා ඔවුන් ඉවත් කරන මෙන් ජුදෙව්වරු පිලාත්ගෙන් ඉල්ලා සිටියහ.


දෙවියන් වහන්සේ, පාපය නොදත් ක්‍රිස්තුන් වහන්සේ, අප උදෙසා මනුෂ්‍ය පාපී බව හා සම වීමට සැලැසූ සේක. එසේ කළේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාර වනු පිණිස ය.


ඔව්හු එසේ හැසිර දේශය කෙලෙසාගත්හ. එබැවින් මම ඔවුන්ගේ දුෂ්ටකමට දඬුවම් දෙමි. ඒ දේශය පවා තම වැසියන් නෙරපා දමන්නේ ය.


මාගේ ලේ නෑයන් වූ සහෝදරයන් උදෙසා, ක්‍රිස්තුන් වහන්සේගෙන් වෙන් වී සාප ලද්දෙකු වීමට හැකි නම් ඊට වුවත් මම කැමැති වෙමි.


උන් වහන්සේ මෝසෙස් අමතා, “සෙනඟ අතර නායක සියල්ලන් කැඳවන්න, සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් කෙරෙන් පහවී යන පිණිස, ප්‍රසිද්ධියේ ඔවුන් එල්ලා මරන්නැ”යි වදාළ සේක.


ඔව්හු ආයි රජු සවස දක්වා ගසක එල්ලා තැබුවෝ ය; ඉර බසින වේලාවේ ජෝෂුවාගේ අණ පිට ඔහුගේ මළකඳ ගසින් බා, නගරයට පිවිසෙන දොරකඩ ළඟ හෙළා, ඒ පිට මහ ගල් ගොඩක් ගැසුවෝ ය. එය අද දවස දක්වා තිබේ.


යමෙක් සමිඳාණන් වහන්සේට ප්‍රේම නොකරන්නේ නම්, ඔහු සාප ලද්දෙක් වේ වා! ‘මරනථා’ - සමිඳාණන් වහන්ස, වැඩිය මැනව.


ඉශ්රායෙල් සෙනඟට තමන්ගේ සතුරන්ට මූණපෑමට නොහැකි වූයේ ඒ නිසා ය. සාපයට අසු වූ බැවින් ඔව්හු තමන්ගේ සතුරන්ට පිටුපාති. ඒ කැප කරන ලද දේ නුඹලා කෙරෙන් විනාශ කර නොදැමුවොත් මම තවත් නුඹලා සමඟ නොසිටින්නෙමි.


ඔහුගේ පුත්‍රයන්ගෙන් සත්දෙනෙකුන් අපට පාවා දුන මැනව. අපි ද සමිඳාණන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ සාවුල් සිටි ගිබියාහි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් එල්ලා තබන්නෙමු”යි කී හ. එවිට රජ “මම ඔවුන් පාවා දෙන්නෙමි”යි කී ය.


මෙවැනි පිළිකුල් දේ ඔබේ ගෙදරට ද නොගත යුතු ය. එසේ කළොත්, ඔබත් ඒවා හා සමාන සාප ලත් දෙයක් වනු ඇත. ඒ පිළිම සාප ලත් ඒවා බැවින් ඔබ ඒවා සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කොට හෙළා දැකිය යුතු ය.”


එවිට අයාගේ දුව වූ රිශ්පා ගෝණි රෙදි අරගෙන ගොස් පර්වතය පිට අතුරා ඉඳගෙන, ගොයම් කපන කාලය පටන්ගැන්මේ සිට අහසින් වැසි වසින තෙක් දවල් ආකාශයේ පක්ෂීන්ට වත්, රෑ වනයේ මෘගයන්ට වත් ඒ මළකඳන් ළඟට පැමිණෙන්නට ඉඩ නො‍දී සිටියා ය.


ඉශ්රායෙල් සෙනඟ සිය දේශය පිරිසිදු කරන පිණිස සත් මසක් ඔවුන් වළලමින් සිටින්නෝ ය.


“තවද, උන් වහන්සේ ඔබ නිසා මා සමඟ කිපී ජොර්දාන් ගඟෙන් මට එතෙර වීමටත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන්නට යන සරුසාර දේශයට මට ඇතුළු වීමටත් ඉඩ නොදෙන බවට දිවුළ සේක.


එබැවින් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුමයක් වශයෙන් අයිති කර දෙන්නට යන දේශයෙහි ඔබ අවටින් සිටින සියලු සතුරන්ගෙන් ඔබට විවේකය දුන් පසු අමලෙක්වරුන් සිහි කිරීම පවා මිහි පිටින් මකාදැමිය යුතු ය. මෙය අමතක නොකරන්න.”


එවිට පණිවුඩකාරයෙක් අවුත්, “රජුගේ පුත්‍රයන්ගේ හිස් ගෙනවුත් තිබේ ය”යි ඔහුට දැන්වී ය. “හෙට වන තුරු ඒවා ගොඩවල් දෙකක් කොට දොරටුව ළඟ තබන්නැ”යි ඔහු කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්