Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 20:20 - Sinhala New Revised Version

20 පල නොදරන යම් ගසක් වේ නම්, ඔබට එය කපා වනසාදැමිය හැකි ය. ඒවා පාවිච්චි කරමින්, ඔබට විරුද්ධ ව සටන් කරන නගරය යටත් වන තුරු එය වැටලීම සඳහා පවුරු පදනම් සෑදිය හැකි ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 පල නොදරන යම් ගසක් වේ නම්, ඔබට එය කපා වනසාදැමිය හැකි ය. ඒවා පාවිච්චි කරමින්, ඔබට විරුද්ධ ව සටන් කරන නගරය යටත් වන තුරු එය වැටලීම සඳහා පවුරු පදනම් සෑදිය හැකි ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 කෑමට නුසුදුසු බව නුඹ දන්නා ගස් පමණක් කපා නාස්තිකර, නුඹට විරුද්ධව යුද්ධ කරන නුවර පරාජය වනතුරු ඊට විරුද්ධව පවුරු ගොඩනගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 20:20
10 හුවමාරු යොමු  

ඔබ පවුරු ඇති සියලු නගර ද සියලු අලංකාර නගර ද වනසා, සියලු හොඳ‍ ගස් කපාදමා, සියලු දිය උල්පත් වසා සියලු සාරවත් කෙත් වතු ගල් දමා වනසන්නහු ය”යි කීවේ ය.


තවද, ඔහු ඊගස්වලින් ද ලොකු ගල්වලින් ද විදින පිණිස මුරකොටු උඩත්, කොත් උඩත් තැබීමට දක්ෂ මිනිසුන් විසින් නිපදවන ලද යන්ත්‍ර ජෙරුසලමෙහි සෑදෙව්වේ ය. ඔහුගේ කීර්තිය දස දෙස පතළ ව ගියේ ය. මන්ද, ඔහුට සවි ශක්තිය ලැබුණේ ඉතා පුදුමාකාර මාර්ගයකින් බැවිනි.


මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු සිටි කුඩා නුවරක් විය; බලවත් රජෙක් අවුත් එය වටලා, ඊට විරුද්ධ ව මහ බලකොටු ගොඩනැඟුවේ ය.


“අසිරියාවේ අධිරාජයා ගැන සමිඳාණන් වහන්සේ වදාරා ඇති දේ මෙසේ ය: ‘ඔහු මේ නුවරට ඇතුළු වන්නේ වත්, ඊගසක් ඊට විදින්නේ වත්, ඒ ඉදිරිපිට පලිහක් රැගෙන එන්නේ වත්, එය වටලෑම සඳහා පවුරු බඳින්නේ වත් නැත.


ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වන මම ජෙරුසලමේ ඇති ගෙවල් ද ජුදාවේ රාජ මාලිගාව ද බිඳ හෙළා ගොඩනඟන ලද පස් කඳුවලට විරුද්ධ ව බබිලෝනිවරුන් සමඟ සටන් කරන්නට ගියොත්, මාගේ උදහසින් ද කෝපයෙන් ද ගසා දමන අයගේ මළකඳන්වලින් නගරය පිරී යනු ඇත. සෙනඟ කර ඇති දුෂ්ට ක්‍රියා නිසා මම මේ නගරයෙන් ඉවතට හැරී සිටිමි.


“සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ජෙරුසලම වටලන පිණිස ගස් කපාගෙන බලකොටු සාදාගන්න. දඬුවම ලැබිය යුතු නගරය මෙය වේ. තාඩන පීඩන හැර අන් කිසිවක් එහි නැත.


ඔහු බොහෝ දෙනෙකු සිඳදමන පිණිස පස් කඳු සාදා බලකොටු ගොඩනඟන කල, යුද්ධයෙහි දී පාරාවෝ තමාගේ බලවත් සේනාව ද මහා සමූහය ද ඇති ව ඔහු උදෙසා කිසි උදව්වක් කරන්නේ නැත.


අප එහි යා යුත්තේ මන් ද? එහි ගිය අය, ඒ සෙනඟ අපට වඩා උස මහත සෙනඟක් බව ද, ඔවුන්ගේ විශාල නගරවල ප්‍රාකාර අහස දක්වා විහිදෙන බව ද, එහි දී අනාක්වරුන්ගේ පුතුන් වන යෝධයන් දුටු බව ද කියමින් අපේ සිත් අධෛර්යයට පත් කළ හ’යි කීවහු ය.


“යම් නුවරක් අල්ලාගැනීම සඳහා සටනක යෙදී, බොහෝ කාලයක් එය වටලාගෙන සිටින විට, එහි ඇති ගස් කොළන් පොරොවකින් වැනසිය යුතු නොවේ. ඒවායින් ඔබට කන්නට පුළුවන. ඒවා නොකැපිය යුතු ය; නගරයක් වැටලීමේ දී එහි ඇති ගස් කොළන්, ඔබේ සතුරන් නොවන බව සැලකිය යුතු ය.


“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අයිති කරගැනීමට දෙන දේශයෙහි යම් එළිමහන් තැනක මරාදමනු ලැබූ යමෙකු සම්බ වුණොත්, ඔහු මැරූ තැනැත්තා නොදන්නේ නම්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්