Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 19:8 - Sinhala New Revised Version

8 “උන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරුම් දුන් ප්‍රකාර ඔබේ දේශ සීමා පළල් කොට, උන් වහන්සේ ඔවුන්ට පොරොන්දු වූ පරිදි මේ මුළු රට ම ඔබට දානය කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 “උන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරුම් දුන් ප්‍රකාර ඔබේ දේශ සීමා පළල් කොට, උන් වහන්සේ ඔවුන්ට පොරොන්දු වූ පරිදි මේ මුළු රට ම ඔබට දානය කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹ ප්‍රේමකරමින් උන්වහන්සේගේ මාර්ගවල නිතරම හැසිරෙන හැටියට මා අද නුඹට අණ කරන මේ මුළු ආඥාව නුඹ පවත්වන්ට බලාගන්න විට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 19:8
9 හුවමාරු යොමු  

“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි, උන් වහන්සේ ඔබේ දේශ සීමා විශාල කළ කල්හි, ඔබට මස් කෑමට දැඩි ආශාවක් ඇති වුවහොත්, ඔබ කැමැති පරිදි ඔබට මස් කෑ හැකි ය.


නුඹේ රටට නුඹ ඇතුළු වන්නට කල් තියා, මම ජාතීන් නෙරපාදැමූ පසු නුඹේ දේශ සීමා විශාල කරන්නෙමි. අවුරුද්දකට තෙවරක් නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පෙනී සිටින්න යන විට කිසිවෙක් නුඹේ දේශය යටත් කරගන්න උත්සාහ නොකරන්නෝ ය.


නුඹලාගේ දේශ සීමාවන් රතු මුහුදේ සිට මධ්‍යධරණි මුහුද දක්වා ද පාළුකරයේ සිට යුප්‍රටීස් ගඟ දක්වා ද විශාල කරන්නෙමි. එම දේශයේ වැසියන් නුඹලා අතට පාවා දෙන්නෙමි. නුඹලා ද නුඹලා වෙතින් ඔවුන් පන්නා දමන්නහු ය.


තවද, යුප්‍රටීස් ගඟින් එගොඩ තිබෙන මුළු රට ආණ්ඩු කළ රජුන් ජෙරුසලමෙහි සිටි බවත්, තීරු බද්ද ද ආදායම් බද්ද ද සුංගම් ද ඔවුන්ට දෙන ලද බවත් දැනගන්නට ලැබී ඇත.


සලමොන් රජ වනාහි යුප්‍රටීස් ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ දේශ සීමාව දක්වා සියලු රාජ්‍යයන් ආණ්ඩු කෙළේ ය. ඔව්හු කප්පම් ගෙනවුත් දී සලමොන් රජුගේ මුළු කාලය තුළ ඔහුට සේවය කළෝ ය.


තවද, නුඹේ පෙළපත පොළොවේ දූවිලි මෙන් වැඩි වී, උතුරු, දකුණු, බටහිර, නැගෙනහිර දිශාවල පැතිර යන්නේ ය. මිහි පිට සියලු ජාතීහු නුඹ හා නුඹේ පෙළපත මඟින් තමන් ආශීර්වාද කරගන්නෝ ය.


එබැවින් ඔබේ ප්‍රයෝජනයට නගර තුනක් වෙන් කළ යුතු යයි මම අණ කරමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්