Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 19:5 - Sinhala New Revised Version

5 නිදසුනක් නම් මෙය වේ: යමෙකු තව කෙනෙකු සමඟ ලී කැපීමට වනයට ගොස්, ගසක් කපනු පිණිස අත ඔසවා පොරොවෙන් පහර දෙන විට, පොරෝ තලය මිටෙන් ගැලවී අනිත් තැනැත්තාගේ ඇඟට වැදී ඔහු මළොත්, ගස කැපූ තැනැත්තාට ඒ නගරවලින් එකකට පලා ගොස් පණ බේරා ගත හැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 නිදසුනක් නම් මෙය වේ: යමෙකු තව කෙනෙකු සමඟ ලී කැපීමට වනයට ගොස්, ගසක් කපනු පිණිස අත ඔසවා පොරොවෙන් පහර දෙන විට, පොරෝ තලය මිටෙන් ගැලවී අනිත් තැනැත්තාගේ ඇඟට වැදී ඔහු මළොත්, ගස කැපූ තැනැත්තාට ඒ නගරවලින් එකකට පලා ගොස් පණ බේරා ගත හැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 යම් මනුෂ්‍යයෙක් ලී කපන්ට තමාගේ අසල්වාසියා සමඟ වනයට ගොස් ගස කපා හෙළන්ට පොරොව ගෙන තමාගේ අත එසෙවූ කල්හි පොරෝ තලය මිටෙන් ගැළවී ඔහුගේ අසල්වාසියා පිට වැටීමෙන් ඔහු මළොත්, එසේ මිනී මරන තැනැත්තේ ජීවත්වන පිණිස ඒ නුවරවලින් එකකට පලායේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 19:5
7 හුවමාරු යොමු  

ඔව්හු ජොර්දානය ළඟට පැමිණ ගස් කැපූ හ.


නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි; අනුවණයා එය ඉදිරියට ගොස් දුක් විඳියි.


ඔව්හු, සුළඟින් වැළකෙන්න රැකවරණයක් මෙන් ද කුණාටුවෙන් සැඟවෙන්න ස්ථානයක් මෙන් ද වියළි බිමේ ගලා යන දිය පාරවල් මෙන් ද පාළු පෙදෙසක සෙවණ ගෙන දෙන විශාල පර්වතයක් මෙන් ද වන්නෝ ය.


ජනතාව ඥාතියාගේ අතින් මිනීමරුවා බේරාගෙන, මොහු පැන ගිය අභය භූමි නගරයට ආපසු යැවිය යුතු ය. මොහු, ශුද්ධ තෙලින් තමා ආලේප කළ නායක පූජකයාගේ මරණය දක්වා එහි වසනු ඇත.


ඒවාට පලා ගොස් පණ බේරාගත හැක්කේ පහත දක්වන අන්දමට කෙනෙකු අතින් මරණයක් වූ විට ය. කලින් වෛරයක් නොමැති ව, අදහස් නොකර යමෙකු මැරුවොත් ඔහුට එලෙස පලා යත හැකි ය.


පලා යාමට ඇත්තේ එක නගරයක් නම්, එය බොහෝ දුර වී නම්, පළිගැනීමේ අයිතිය හිමි, මරන ලද තැනැත්තාගේ ලේ නෑයෙකුට, තමා දැඩි කෝපයෙන් සිටිය දී මැරූ තැනැත්තා ලුහුබැඳ ගොස්, ඔහු අල්ලාගෙන, මරා දමන්නට හැකි වේ. එහෙත්, එවැන්නෙකු කලින් වෛර බැඳ නොසිටි බැවින්, ඒ තැනැත්තා මරාදැමීම යුතු නොවේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්