Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 19:3 - Sinhala New Revised Version

3 දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන එම දේශය කොටස් තුනකට බෙදා, ඕනෑ ම මිනීමරුවෙකුට ඒවාට පලා යනු සඳහා මඟක් පිළියෙළ කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන එම දේශය කොටස් තුනකට බෙදා, ඕනෑ ම මිනීමරුවෙකුට ඒවාට පලා යනු සඳහා මඟක් පිළියෙළ කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 මිනීමරන සියල්ලන් එහි පලායන පිණිස මගහරිගස්සා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට හිමිකරගැනීමට දෙන නුඹේ දේශයේ සීමාව තුන් කොටසකට බෙදන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 19:3
8 හුවමාරු යොමු  

“මහා මඟක් සාදන්න; මාගේ සෙනඟගේ බාධා ඉවත් කොට, මාර්ගය පහදා, සමතලා කර සූදානම් කරන්නැ”යි කියන හඬක් ඇසෙන්නේ ය.


කොර කකුල් අබලන් නොවී, සුවය ලබන පිණිස ඇද නැති මාවත්වල ගමන් කරන්න.


ජෙරුසලම් ජනයෙනි, පිට වී යන්න; දොරටුවලින් පිට වී ගොස් ආපසු එන සෙනඟට මාර්ගයක් පිළියෙළ කරන්න. මහා මාවත් ඉදිකරන්න; ගල් ඉවත් කරන්න. ජනයන්ට ධජ සංකේතය ඔසවන්න.


ශුද්ධවන්තකමේ මාර්ගය යන නමින් මහා මාවතක් එහි ඇති වේ. පවිටුන්ට එහි ගමන් කළ නොහැකි ය. අනුවණයන් ද එහි මුළා නොවේ.


ඔබ උරුම කොටගත් ඒ දේශයේ නගර තුනක් වෙන් කළ යුතු ය.


ඒවාට පලා ගොස් පණ බේරාගත හැක්කේ පහත දක්වන අන්දමට කෙනෙකු අතින් මරණයක් වූ විට ය. කලින් වෛරයක් නොමැති ව, අදහස් නොකර යමෙකු මැරුවොත් ඔහුට එලෙස පලා යත හැකි ය.


“තවද, උන් වහන්සේ ඔබ නිසා මා සමඟ කිපී ජොර්දාන් ගඟෙන් මට එතෙර වීමටත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන්නට යන සරුසාර දේශයට මට ඇතුළු වීමටත් ඉඩ නොදෙන බවට දිවුළ සේක.


“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ උරුමයක් වශයෙන් ඔබට අයිති කර දෙන්නට යන දේශයට ඔබ පැමිණ, එහි පදිංචි වූ පසු,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්