Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 16:15 - Sinhala New Revised Version

15 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයේ දී උන් වහන්සේගේ ගෞරවය පිණිස ඔබ ඒ මංගල්‍යය දින හතක් පැවැත්විය යුතු ය. සරු අස්වැන්නක් දීමෙන් ද ඔබේ සියලු වැඩ කටයුතු සඵල කිරීමෙන් ද උන් වහන්සේ ඔබට ආශීර්වාද කළ බැවින් ඔබ ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයේ දී උන් වහන්සේගේ ගෞරවය පිණිස ඔබ ඒ මංගල්‍යය දින හතක් පැවැත්විය යුතු ය. සරු අස්වැන්නක් දීමෙන් ද ඔබේ සියලු වැඩ කටයුතු සඵල කිරීමෙන් ද උන් වහන්සේ ඔබට ආශීර්වාද කළ බැවින් ඔබ ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයේදී සත් දවසක් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මංගල්‍යයක් පවත්වන්න. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ මුළු අස්වැන්නෙන්ද නුඹේ අත්වල සියලු වැඩවලදීද නුඹට ආශීර්වාද කරනවා ඇත, නුඹද මුළුමනින් ප්‍රීතිමත්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 16:15
11 හුවමාරු යොමු  

ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට මෙදින දෙන පණත් ඔබ අනුගමනය කරන්නහු නම්, ඔබ ඒ රටේ පදිංචි වෙමින්, වැඩි වර්ධනය වී ජීවත් වන්නහු ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබ ප්‍රේම කරමින් දෙවි මඟ හැසිරෙමින්, උන් වහන්සේගේ ආඥා ද නීති හා නියෝග ද ව්‍යවස්ථා ද පිළිපදින්නහු නම්, ඔබ අයිති කරගන්නට යන දේශයෙහි දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක.


ඉන්පසු දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කර තිබෙන සැටියට, ඔබ උන් වහන්සේට ස්වේච්ඡා පූජා පඬුරක් පුදා උන් වහන්සේගේ ගෞරවය පිණිස අස්වැන්න මංගල්‍යය පැවැත්විය යුතු ය.


තවද උන් වහන්සේ ඔබේ පියවරුන්ට දෙන්නට දිවුළ දේශයේ දී, ඔබට ප්‍රේම කොට, ආසිරි දී, වැඩි වර්ධනය කරන සේක. ඔබට ලැබෙන දරු පරපුරට ද රටේ පලදාවට ද ධාන්‍යවලට ද මිදියුසට හා තෙල්වලට ද ආසිරි දෙන සේක. ඔබේ ගවමහිෂයන් ද බැටළු පට්ටි ද ගණනින් බහුල කරන සේක.


මෙසේ පවත්වන ඒ මංගල්‍යයේ දී ඔබ ද ඔබේ පුතා ද දුව ද ඔබේ දැසිදසුන් ද ලෙවීවරුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින විදේශීන් ද අනාථයන් සහ වැන්දඹුවන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.


“දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයේ දී අවුරුද්දකට තුන්වරක් ඔබේ සියලු පිරිමින් උන් වහන්සේ ඉදිරියට විත් පෙනී සිටිය යුතු ය. ඒ තුන් වාරය නම් නුමුහුන් රොටි මංගල්‍යය, අස්වැන්න මංගල්‍යය සහ කූඩාරම් මංගල්‍යය වේ. තවද උන් වහන්සේ ඉදිරියෙහි හිස් අතින් පෙනී නොසිටිය යුතු ය.


ඔබේ ගෝත්‍ර සියල්ල අතරෙන්, තමන් වහන්සේගේ නාමය පිහිටුවනු සඳහා ද වාසස්ථානය වනු පිණිස ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගන්න ස්ථානය ඔබ සොයා යා යුතු ය.


විප්‍රවාසයෙන් මිදී ආ අයගෙන් යුත් මුළු සභාව පැල්පත් සාදාගෙන පැල්පත්වල විසුවෝ ය. නූන්ගේ පුත් ජෝෂුවාගේ දවස්වල පටන් ඒ දවස දක්වා ඉශ්රායෙල් සෙනඟ මෙවැන්නක් කර තිබුණේ නැත. ඒ නිසා ඉමහත් සන්තෝෂයක් ද විය.


එසේ කෙළේ, ඒ දෙදවසේ දී, ජුදෙව්වරුන් නිදහස ලැබූ නිසාත්, ඒ මාසයේ දී ඔවුන්ගේ ශෝකය ප්‍රීතියටත්, ඔවුන්ගේ දොම්නස සොම්නසටත් හැරුණ නිසාත් ය. ඒවා ප්‍රීතිමත්, එකිනෙකාට කෑම හා තෑගි යවන දිළිඳුන්ට දන් දෙන මංගල්‍ය දවස් ලෙස පවත්වන්නට යැයි ඔවුන්ට නියම කරන ලදී.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්