Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 15:23 - Sinhala New Revised Version

23 එහෙත් උගේ ලේ නොගත යුතු ය. වතුර වත් කරන්නාක් මෙන් උගේ ලේ බිමට වත් කළ යුතු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 එහෙත් උගේ ලේ නොගත යුතු ය. වතුර වත් කරන්නාක් මෙන් උගේ ලේ බිමට වත් කළ යුතු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 එහෙත් උගේ ලේ නොකා එය වතුර මෙන් පොළොව පිට වත්කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 15:23
12 හුවමාරු යොමු  

එහෙත්, ඔබ සතුන්ගේ ලේ කෑමට ගත යුතු නොවේ. බිම වතුර වත් කරන්නාක් මෙන් එය බිමට වත් කළ යුතු ය.


එහෙත් ලේ කෑමෙන් නම් පරෙස්සම් විය යුතු ය. මන්ද, ලේ ප්‍රාණය වන බැවින්, මස් සමඟ ලේ අනුභව නොකළ යුතු ය.


නුඹ වසන කිසිම තැනක පක්ෂියෙකුගේ වේවා, මෘගයෙකුගේ වේවා ලේ කෑමට නොගත යුතු ය.


“එබැවින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට කියන්න: ‘ලේ පිටින් මස් කන, රූපවලට නමස්කාර කරන, ලේ වගුරුවන, නුඹලාට දේශය භුක්ති විඳින්න ලැබේ ද?


සෙනඟ කොල්ලය පිට කඩා පැන, බැටළුවන් ද හරකුන් ද වස්සන් ද අරගෙන බිම දමා මරා, ලේ පිටින් ම කෑවෝ ය.


රූප සම්බන්ධ දූෂණකම්වලින් ද කාමමිථ්‍යාචාරයෙන් ද බොටුව මිරිකා මැරූ සතුන්ගේ මස් කෑමෙන් ද ලෙයින් ද වැළකෙන ලෙස ලිපියකින් දන්වා යැවිය යුතු ය, යනු යි.


එහෙත්, ජීව ධාතුව වන ලෙය සමඟ මස් නුඹලා නොකෑ යුතු ය.


‘ඉශ්රායෙල් ජනයා අතරෙන් යමෙක් වේවා, ඔවුන් අතර වසන විදේශිකයෙක් වේවා, ලේ සහිත මාංස කෑමට ගතහොත්, එසේ කන තැනැත්තාට විරුද්ධ ව මාගේ මුහුණ හරවා ගනිමින් ඔහු තම සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.


“යමක ලේ තිබිය දී නුඹලා එය කෑමට නොගත යුතු ය. නුඹලා අනවින සහ නිමිති නොසැලකිය යුතු ය.


එවිට, “සෙනඟ ලේ පිටින් ම කෑම කෑමෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කරති”යි සාවුල්ට දන්වන ලද්දේ ය. ඔහු ද පිළිතුරු දෙමින් “ඔබ ද්‍රෝහි ලෙස ක්‍රියා කළහු ය. මා ළඟට මහ ගලක් පෙරළාගෙන එන්නැ”යි කීවේ ය.


“එහෙත් ඔබේ වාසල් දොරටු ඇතුළත, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ආසිරි වශයෙන් ඔබට දෙන පරිදි, ඔබ කැමැති ලෙස සතුන් මරා ඔබට මස් අනුභව කළ හැකි ය. ඔබ මුව මස් සහ ගෝන මස් අනුභව කරන්නාක් මෙන් වත්පිළිවෙත් අනුව, පවිත්‍ර අයට මෙන් අපවිත්‍ර අයටත් ඒවා අනුභව කළ හැකි ය.


එය අනුභව නොකර වතුර මෙන් බිම වත් කළ යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්