Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 15:21 - Sinhala New Revised Version

21 සතාගේ කැළලක් තිබේ නම්, ඌ කොර නම්, අන්ධ නම්, අන්කිසි නරක කැළලක් තිබේ නම්, ඒ සතා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පූජා නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 සතාගේ කැළලක් තිබේ නම්, ඌ කොර නම්, අන්ධ නම්, අන්කිසි නරක කැළලක් තිබේ නම්, ඒ සතා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පූජා නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 එහෙත් උගේ යම් කැලලක් ඇත්නම්, කොරකමක් හෝ අන්ධකමක් හෝ වෙන යම් නරක කැලලක් ඇත්තේවීනම්, ඌ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 15:21
6 හුවමාරු යොමු  

ඔහුගේ පූජාව ගව පට්ටියෙන් ගත් දවන යාග පූජාවක් නම්, ඔහු නොකැළැල් පිරිමි සතෙකු ඔප්පු කළ යුතු ය. තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දී ඌ පිදිය යුතු ය.


නුඹලා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා දවන යාග පූජාවක් පිදිය යුතු ය. එය නම්, කැළැල් නැති ගොන් වස්සන් දෙන්නෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති.


එහෙත් එදින නුඹලා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාවක් උන් වහන්සේට ඔප්පු කළ යුතු ය. ඒ පූජාව නම්, කැළැල් නැති එක ගොන් වස්සෙක් ද, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති.


“කැළලක් හෝ විරූපී ලකුණක් හෝ ඇති ගොනෙකු හෝ බැටළුවෙකු හෝ දෙවි සමිඳාණන් වහන්සේට පූජා නොකළ යුතු ය. එවැන්නක් උන් වහන්සේට පිළිකුලකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්