Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 14:8 - Sinhala New Revised Version

8 ඌරා, කුරය බෙදී ඇති සතෙකු නමුත් ඌ වමාරා නොකන බැවින් අපවිත්‍ර සතෙකු මෙන් සැලකිය යුතු ය. උන්ගේ මස් නොකෑ යුතු අතර, උන්ගේ මළකුණු ද ස්පර්ශ නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ඌරා, කුරය බෙදී ඇති සතෙකු නමුත් ඌ වමාරා නොකන බැවින් අපවිත්‍ර සතෙකු මෙන් සැලකිය යුතු ය. උන්ගේ මස් නොකෑ යුතු අතර, උන්ගේ මළකුණු ද ස්පර්ශ නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 ඌරාගේ කුරය බෙදී තිබෙන නුමුත් ඌ වමාරා නොකන නිසා නුඹලාට අපවිත්‍රය. නුඹලා උන්ගේ මස් නොකෑ යුතුය, උන්ගේ මළකුණු ස්පර්ශනොකළ යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 14:8
10 හුවමාරු යොමු  

ඔව්හු සොහොන්වල වාසය කරති; ඔව්හු ඌරු මස් කති; පිළිකුල් කෑම ඔවුන්ගේ භාජනවල තිබේ.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උයන්වල පුද පූජා ඔප්පු කරන පිණිස තමන් ම පිරිසිදු කරගනිමින්, පෙළට ගමන් කරමින්, ඌරු මස් ද උරගයන් ද මීයන් ද කන අයගේ අවසානය ළඟ ය.


සෙනඟ තමන් කැමැති සේ ක්‍රියා කරති. පූජා කරන පිණිස ගොනෙකු මරන සේ ඔව්හු මිනිසුන් මරති. බැටළු පැටවෙකු පූජා කරන්න මරන සේ බල්ලෙකුගේ බෙල්ල කඩති. ආහාර පූජාවක් ඔප්පු කරන්නා ඌරු ලේ පුදන්නා වැනි ය. තුවරලා දවමින් සිහි කිරීමේ පූජාවක් පිදීම පිළිමයකට බුහුමන් කිරීමක් වැනි ය. ඔව්හු හිතුමතේ කරන පිළිකුල් සහිත පූජාවලට ප්‍රිය වෙති.


කුරය දෙකට බෙදී, වෙන් ව තිබෙන, වමාරා කන මෘගයන් කෑමට සුදුසු ය.


යමෙකු නොදැනුවත්කමින් ආගමික පිළිවෙත් අනුව අපවිත්‍ර යයි සැලකෙන හීලෑ සතෙකුගේ, වන සතෙකුගේ හෝ බඩගා යන අපවිත්‍ර සතෙකුගේ මළකඳක් ස්පර්ශ කළොත්, ඔහු එය දැනගත් කල අපවිත්‍ර වී වරදකරුවෙක් වන්නේ ය.


එහෙත්, වමාරා කන සතුන් අතරෙන් හෝ කුර බෙදී වෙන් වී ඇති සතුන් අතරෙන් හෝ කෑමට අවසර නැති සත්තු නම් ඔටුවා, හාවා සහ බෙන් හාවා ය. මොවුන් වමාරා කන නමුත් උන්ගේ කුර බෙදී නැත. එබැවින් මොවුන් අපවිත්‍ර සතුන් මෙන් සැලකිය යුතු ය.


“සියලු ජලජ සතුන් අතරෙන් වරල් සහ කොරපොතු ඇති සතුන් කන්නට පුළුවන.


“බල්ලා උගේ ම වමනයට හැරී එයි; සේදූ පසුත් ඊරි මඬ වගුරෙහි පෙරළෙයි” යන මේ ප්‍රස්තා පිරුළ ඔවුන් ගැන සැබෑ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්