Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 14:27 - Sinhala New Revised Version

27 තවද, ඔබ ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් අමතක නොකළ යුතු ය. ඔබට මෙන් ඔවුන්ට රටින් කොටසක් හෝ උරුමයක් හෝ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 තවද, ඔබ ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් අමතක නොකළ යුතු ය. ඔබට මෙන් ඔවුන්ට රටින් කොටසක් හෝ උරුමයක් හෝ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 නුඹේ දොරටු ඇතුළත සිටින ලෙවීයයාත් අත්නොහරින්න; මක්නිසාද ඔහුට නුඹ සමඟ කොටසක්වත් උරුමයක්වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 14:27
9 හුවමාරු යොමු  

එවිට වාසල් දොරටු ඇතුළත සිටින ඔබට මෙන් රටින් කොටසක් හෝ උරුමයක් හෝ නැති ලෙවීවරුන් ද ආගන්තුකයන් ද අනාථ වූවන් ද වැන්දඹුවන් ද විත් ඒවා අනුභව කොට තෘප්තිමත් වනු ඇත. මෙසේ කළොත්, ඔබේ සියලු වැඩ කටයුතුවල දී ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක.”


සමිඳාණන් වහන්සේ නැවතත් ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: “ඔවුන්ගේ දේශයෙහි නුඹට උරුමයක් වශයෙන් හිමි වන ඉඩකඩම් නොවනු ඇත. එහි කිසි ම කොටසක් නුඹට නොපවරනු ඇත. ඉශ්රායෙල් ජනයා අතර නුඹේ කොටසත්, නුඹේ උරුමයත් මම වෙමි.”


එවිට ඔබේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ ද ඔබේ දරුදැරියන් ද ඔබේ දැසිදසුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය. ලෙවීවරුන්ට වනාහි ඔබ සමඟ උරුමයක් හෝ රටින් කොටසක් හෝ අයිති නොවනු ඇත.


යහපත් ලෙස මූලිකයන් වශයෙන් කටයුතු කරන සභාමූලිකයන්ට, එනම්, විශේෂයෙන් දේශනා කිරීමෙහිත්, ඉගැන්වීමෙහිත් වෙහෙස දරන අයට දෙගුණයක් වේතන ගෙවිය යුතු යි.


ධර්ම වාක්‍ය ඉගෙනගන්නා, උගන්වන්නාට තමා සතු සියලු යහපත් දෙයින් සංග්‍රහ කෙරේ වා.


එබැවින් ලෙවීගේ ගෝත්‍රයේ ජනයාට ඔහුගේ සොහොයුරන්ගේ ගෝත්‍රවල අයට මෙන් රටින් කොටසක් උරුම වී නැත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ ලෙස ඔවුන්ගේ උරුම කොටස සමිඳාණන් වහන්සේ ම වන සේක.


මෙවැනි දේවල් කරන සියල්ලෝ සමිඳාණන් වහන්සේට පිළිකුලකි. ඔවුන්ගේ මේ පිළිකුල් ක්‍රියා නිසා දෙවි සමිඳාණන් වහන්සේ ඔබ යන්නට කලින් ඔවුන් පන්නා හරින සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්