Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 12:29 - Sinhala New Revised Version

29 “ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ අයිති කරගන්නට යන දේශයෙහි ජාතීන් වනසාදැමූ කල්හි ඔබ ඔවුන් පන්නාදමා, ඔවුන්ගේ දේශයෙහි පදිංචි වූ කල

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 “ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ අයිති කරගන්නට යන දේශයෙහි ජාතීන් වනසාදැමූ කල්හි ඔබ ඔවුන් පන්නාදමා, ඔවුන්ගේ දේශයෙහි පදිංචි වූ කල

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 නුඹ විසින් අත්පත්කරගන්ට යන ජාතීන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ ඉදිරියෙන් සිඳදැමූ කල්හි, නුඹ ඔවුන් පන්නාදමා ඔවුන්ගේ දේශයෙහි වාසය කරන විට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 12:29
8 හුවමාරු යොමු  

ඉතිරි වී සිටින විජාතීන්ගේ ද මා විසින් සිඳ දමනු ලැබූ සියලු විජාතීන්ගේ ද දේශය, ජොර්දාන් ගඟ පටන් බස්නාහිර මධ්‍යධරණි මුහුද දක්වා ඔබේ ගෝත්‍රවලට උරුමයක් කොට පස ඇට දමා මම ඔබට බෙදා දුනිමි.


“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයෙහි උන් වහන්සේ ජනතාව වනසාදැමූ විට, ඔබ ඒවා අයිති කොටගෙන, ඒවායේ නගර සහ ගෙවල පදිංචි වූ පසු,


එහි පෙර විසූ මිසදිටු ජාතීන් පන්නාදමා ඔවුන්ට ඒ රට උරුම කොට බෙදා දුන් සේක; ඔවුන්ගේ කූඩාරම්වල ඉශ්රායෙල් ගෝත්‍රයන් පදිංචි කරවූ සේක.


එබැවින් අද දින ඔබ මෙය වටහාගත යුතු ය. ඔබට පෙරටුවෙන් වඩින තැනැන් වහන්සේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ය. බුර බුරා නඟින ගින්නකින් මෙන් උන් වහන්සේ ඔවුන් වනසාලනු ඇත. ඔබ බලා සිටිය දී ම උන් වහන්සේ ඔවුන්ගේ බලය බිඳිනු ඇත. එවිට උන් වහන්සේ වදාළ පරිදි ඔබ ඔවුන් පන්නාදමා, විගස වනසාදමනු ඇත.


මාගේ දූතයා නුඹලාට පෙරටුව ගොස් අමෝරිවරුන්, හිත්තීවරුන්, පෙරිස්සිවරුන්, කානානිවරුන්, හිවීවරුන් හා ජෙබුසිවරුන් වෙතට නුඹලා පමුණුවන්නේ ය. මම ද ඔවුන් වනසාලමි.


ඔබට කලින් විනාශ වී ගිය ඔවුන් පසුපස යෑමට නොරැවටෙන ලෙස හොඳින් වගබලාගන්න. තවද, මේ ජාතීන් ඔවුන්ගේ දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කෙළේ කෙසේ ද ‘මමත් එසේ කරමි’ කියා ඔවුන්ගේ දෙවිදේවතාවන් ගැන විස්තර නොසොයන්න. ඔබ එසේ කළොත්, ඔබත් ඔවුන් මෙන් වනු ඇත.


මෙසේ ඉශ්රායෙල්වරුන්ගේ පියවරුන්ට දෙන ලෙස සමිඳාණන් වහන්සේ දිවුළ මුළු දේශය උන් වහන්සේ ඔවුන්ට දුන් සේක. ඔව්හු එය හිමි කරගෙන එහි විසුවෝ ය.


සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දැමූ ජාතීන්ගේ පිළිකුල් ක්‍රියා හැටියට ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්