Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 12:15 - Sinhala New Revised Version

15 “එහෙත් ඔබේ වාසල් දොරටු ඇතුළත, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ආසිරි වශයෙන් ඔබට දෙන පරිදි, ඔබ කැමැති ලෙස සතුන් මරා ඔබට මස් අනුභව කළ හැකි ය. ඔබ මුව මස් සහ ගෝන මස් අනුභව කරන්නාක් මෙන් වත්පිළිවෙත් අනුව, පවිත්‍ර අයට මෙන් අපවිත්‍ර අයටත් ඒවා අනුභව කළ හැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 “එහෙත් ඔබේ වාසල් දොරටු ඇතුළත, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ආසිරි වශයෙන් ඔබට දෙන පරිදි, ඔබ කැමැති ලෙස සතුන් මරා ඔබට මස් අනුභව කළ හැකි ය. ඔබ මුව මස් සහ ගෝන මස් අනුභව කරන්නාක් මෙන් වත්පිළිවෙත් අනුව, පවිත්‍ර අයට මෙන් අපවිත්‍ර අයටත් ඒවා අනුභව කළ හැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 එසේ වී නුමුත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන ආශීර්වාදයේ හැටියට නුඹේ සියලු දොරටු ඇතුළේ නුඹේ සිතේ මුළු ආශාවේ හැටියට නුඹට සතුන් මරා මස් කන්ට පුළුවන. මුවමස්ද ගෝනමස්ද මෙන් අපවිත්‍ර අයටත් පවිත්‍ර අයටත් ඒවා කන්ට පුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 12:15
6 හුවමාරු යොමු  

ගෝනා, තිත්මුවා, වැලිමුවා, වල් එළුවා, ඕලුමුවා, කුරංගයා සහ වාතමෘගයා යන මොවුහු ය.


ඉන්පසු ඒ මුදල වැය කොට ඔබ කැමැති පරිදි ඕනෑ ම දෙයක් එනම්, ගවයන් හෝ බැටළුවන් හෝ මිදියුස හෝ මත්පැන් හෝ ඔබ කැමැති දෙයක් ගෙන දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ ද ඔබේ ගෙවැසියන් ද ඒවා අනුභව කර ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.


සමිඳාණන් වහන්සේ ඔබේ ගෝත්‍ර අතරෙන් එක ගෝත්‍රයක් වසන පෙදෙසක යම් ස්ථානයක් තෝරාගන්න සේක් ද, එහි දී ඔබේ දවන යාග පූජා පිදිය යුතු ය. මා ඔබට අණ කරන සියල්ල එහි දී පමණක් කළ යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්