Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 11:18 - Sinhala New Revised Version

18 “එබැවින් ඔබ හැම මාගේ මේ වචන ඔබේ හදවතෙහි ද සිතෙහි ද තැන්පත් කරගත යුතු ය. ඔබේ අත්වල ලකුණක් මෙන් ද ඔබගේ නළල මත පටි මෙන් ද ඒවා බැඳගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 “එබැවින් ඔබ හැම මාගේ මේ වචන ඔබේ හදවතෙහි ද සිතෙහි ද තැන්පත් කරගත යුතු ය. ඔබේ අත්වල ලකුණක් මෙන් ද ඔබගේ නළල මත පටි මෙන් ද ඒවා බැඳගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 එබැවින් ස්වාමීන්වහන්සේ නුඹලාගේ පියවරුන්ට දිවුළ දේශයෙහි නුඹලාගේ දවස්ද නුඹලාගේ දරුවන්ගේ දවස්ද පොළොවට ඉහළින්වූ අහස පවත්නා දවස් මෙන් වැඩිවෙන පිණිස,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 11:18
15 හුවමාරු යොමු  

ක්‍රිස්තුන් වහන්සේගේ දහම් පණිවුඩය ඔබ තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධ ව පවතීවා. එකිනෙකාට ඥානවන්ත ලෙස අවවාදානුශාසනා කරන්න. ගීතිකාවලින් ද ගායනාවලින් ද ශුද්ධ ගීවලින් ද සිතෙහි ස්තුතිවන්තකමින් ද දෙවියන් වහන්සේට ගායනා කරන්න.


මාගේ පුත්‍රය, මාගේ ඔවදන් අමතක නොකරන්න; මාගේ අණපණත් ඔබ හද තුළ රැකගන්න.


ඔබට විරුද්ධ ව පව් නොකරන පිණිස ඔබේ වචනය මාගේ සිතේ නිදන් කරගනිමි.


එබැවින් ඔබ මේ දේවල් දැනටමත් දැන, ඔබ ලබා ඇති මේ සත්‍යයෙහි ස්ථිර ව පවතින නමුත්, නැවත නැවත ඒවා ඔබට සිහි කරවීමට මම අදහස් කරමි.


තවද, සමිඳාණන් වහන්සේගේ මේ නීතිය ගැන නිතර ම කතා කරන පිණිස, මේ පිළිවෙත ඔබට, ඔබ අත ලකුණක් මෙන් ද, නළල මත සිහි වීමේ ලකුණක් මෙන් ද විය යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පාමින් ඔබ මිසරයෙන් පිටත ගෙනා සේක.


ඔහු ඔවුන්ට කතා කොට, “අද දින මා ඔබ අතර සාක්ෂි දුන් මේ කරුණු සියල්ල කෙරෙහි සිත් යොමු කරන්න. මේ ව්‍යවස්ථාවේ කරුණු සියල්ල ම පිළිපදින ලෙස ඔබේ දරුදැරියන්ට නියම කරන්න.


එබැවින් අප ඇසූ ඉගැන්වීම්වලින් ඈත් ව නොයන පිණිස ඒවා ගැන ඔබ වඩා සැලකිල්ලක් දැක්විය යුතු ය.


මේ පිළිවෙත ඔබේ අතෙහි ලකුණක් මෙන් ද ලලාටයෙහි පටියක් මෙන් ද විය යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පාමින් මිසරයෙන් අප පිටතට ගෙනා හෙයිනැ’යි කිව යුතු ය.”


ඔවුන් හැම දෙය ම කරන්නේ මිනිසුන්ට පෙනෙන පිණිස ය. ඔව්හු ශුද්ධ ලියවිලි පාඨ සඳහන් බඳන පළල් කරගෙන නළලෙහි ද බාහුවල ද පළඳිති. වස්ත්‍රවල දාවලු මහත් කරති.


පක්ෂපාතකම හා විශ්වාසය අත් නොහරින්න; ඒවා ගෙල වටේ මාලයක් මෙන් බැඳගන්න. ගලෙහි කෙටූ අකුරක් මෙන් සිතෙහි සටහන් කරගන්න.


ඔවුන්ටත්, ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ටත් ශුභසිද්ධ වන පිණිස හැම කල්හි ම මා කෙරෙහි ගරුබිය දැක්වීමට එක ම හිතක් හා එක ම මඟක් ඔවුන්ට දෙන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්