Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 11:13 - Sinhala New Revised Version

13 “අද දින මා ඔබට නියම කරන අණපණත්වලට ඔබ උනන්දුවෙන් සවන් දී, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, ඔබේ මුළු හෘදයෙන් ද, ඔබේ මුළු ආත්මයෙන් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නහු නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 “අද දින මා ඔබට නියම කරන අණපනත්වලට ඔබ උනන්දුවෙන් සවන් දී, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, ඔබේ මුළු හෘදයෙන් ද, ඔබේ මුළු ආත්මයෙන් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නහු නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 ඉදින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලා ප්‍රේමකොට නුඹලාගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් උන්වහන්සේට සේවයකරන ලෙස, මා අද නුඹලාට අණකරන මාගේ අණට නුඹලා ඇත්තටම කීකරුවුණොත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 11:13
16 හුවමාරු යොමු  

“දැන් ඉතින් ඉශ්රායෙල් ජනයෙනි, දෙවි සමිඳාණන් වහන්සේට ඔබෙන් උවමනා වී ඇත්තේ කුමක් ද? උවමනා වී ඇත්තේ දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමත්, උන් වහන්සේගේ සියලු මාර්ගවල යෑමත්, උන් වහන්සේට ප්‍රේම කිරීමත්, ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු සිතින් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමත්,


එහෙත්, එහි දී ඔබේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද ඔබ දෙවි සමිඳාණන් වහන්සේ සොයා ගියොත් උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත.


“එබැවින් මා ඔබට අද දින නියම කරන සියලු අණපණත් ඔබ පිළිපැදිය යුතු ය. එසේ කළොත්, ඔබ ශක්තිමත් වී, හිමි කරගන්නට යන දේශයට ඇතුළු වී එය අයිති කරගනු ඇත.


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ උන් වහන්සේගේ අණපණත් ද ශික්ෂා පද ද නීති හා නියෝග ද උනන්දුවෙන් පිළිපැදිය යුතු ය.


අප ඔබේ නියෝග අනලස් ව පවත්වන පිණිස ඔබ ඒවා අපට නියම කළ සේක.


“මා ඔබට නියම කරන මේ සියලු අණපණත් ඔබ උනන්දුවෙන් ආරක්ෂා කොට, ඒවා පිළිපදිමින්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේමය දක්වා උන් වහන්සේගේ සියලු මාර්ගවල යමින්, උන් වහන්සේට ඇලුම් ව සිටින්නහු නම්,


“මාගේ නීතිවලට කීකරු වී, මාගේ ආඥා පිළිපැද්දොත්,


“ඔබ මේ නියෝගයන්ට සවන් දී, ඒවා ආරක්ෂා කොට, පිළිපදින්නහු නම්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුළ ගිවිසුම ඉටු කරන සේක. ඔවුන්ට පෙන්වූ කරුණාව ඔබටත් පෙන්වන සේක.


“ඔබ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, නිතර ම උන් වහන්සේගේ අනුශාසනා ද නීති නියෝග සහ අණපණත් ද පිළිපැදිය යුතු ය.


“මා අද දින ඔබට නියම කරන අණපණත් සියල්ල පිළිපදින පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට ඔබ කීකරු වන්නහු නම්, උන් වහන්සේ මිහි පිට සියලු ජාතීන්ට වඩා ඔබ උසස් කරන සේක.


සලමොන් තම පිය වූ දාවිත්ගේ නියෝග ලෙස හැසිර සමිඳාණන් වහන්සේට ප්‍රේම කෙළේ ය. තවද, ඔහු කඳු මත පූජාස්ථානවල පූජා සහ සුවඳ දුම් ඔප්පු කෙළේ ය.


එතුමන්ගේ ශික්ෂා පද පවත්වන අය, මුළු සිතින් එතුමන් සොයන අය භාග්‍යවන්ත ය.


මේ සෙනඟ මට සහමුලින් ම කීකරු විය යුතු ය. සබත් දවසේ දී නුඹලා කිසි බරක් උසුලාගෙන දොරටුවලින් නොයා යුතු ය. නුඹලා සබත් දවස ශුද්ධ දවසක් ලෙස පවත්වා, එදින කිසි බර වැඩක් නොකළ යුතු ය.


“මම ඔවුන්ට ආශීර්වාද කර, මාගේ ශුද්ධ කන්ද අවට විසීමට සලසාදෙන්නෙමි. වැස්ස නියම කාලයට වස්වන්නෙමි. ඒවා ආසිරි වැසි වන්නේ ය.


මම නියම කාලයේ දී වැසි වස්වන්නෙමි. දේශය ද සරුසාර අස්වැන්නක් නිපදවනු ඇත. කෙත්වල ගස් ද පලදාව නිපදවන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්