Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ජොයෙල් 3:19 - Sinhala New Revised Version

19 ජුදා වැසියන්ට බලහත්කාරකම් කොට, ඒ රටේ මිනිසුන් මරාදැමූ නිසා මිසර දේශය පාළුකරයක් වන්නේ ය. ඒදොම් රට මරුකතරක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ජුදා වැසියන්ට බලහත්කාරකම් කොට, ඒ රටේ මිනිසුන් මරාදැමූ නිසා මිසර දේශය පාළුකරයක් වන්නේ ය. ඒදොම් රට මරුකතරක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 යූදා දරුවන්ගේ දේශයෙහි නිදොස් ලේ වගුරුවා ඔවුන්ට කළ බලාත්කාරකම නිසා මිසරය පාළුවක්ද ඒදොම් පාළු කාන්තාරයක්ද වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජොයෙල් 3:19
19 හුවමාරු යොමු  

‘අපටත් අපේ වංශයටත් කළ සැහැසිකම් බබිලෝනිය පිට වැටේ වා’යි සියොන්හි සෙනඟ කියත් වා! ජෙරුසලමෙහි සිඳ හෙළුණු ලෙය කල්දිවරුන් පිට වැටේ වා’යි ජෙරුසලම් වැසියෝ කියත් වා.”


දෙවියන් වහන්සේ යුක්තිය ඉටු කරමින්, ඔබට දුක් දෙන්නන්ට දුක ද,


මම ඔවුන් මිසරයෙන් නැවත ගෙනෙන්නෙමි; අසිරියාවෙන් ඔවුන් රැස් කර ගිලියද් දේශයටත්, ලෙබනොන්ටත් පමුණුවන්නෙමි; මුළු දේශය සෙනඟගෙන් පිරී ඉතිරී යන්නේ ය.


දිවැසිවර ඔබදියාගේ දර්ශනය මෙය වේ. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ඒදොම් ගැන මෙසේ වදාරන සේක: “ඉදිරියට එන්න; අපි ඒදොම්ට විරුද්ධ ව යුද්ධයට යමු”යි කියන පිණිස ජාතීන් අතරට පණිවුඩකාරයෙක් යවනු ලැබී ය. මම මේ ආරංචිය සමිඳාණන් වහන්සේගෙන් ලදිමි.


ඌශ් දේශයෙහි වාසය කරන ඒදොම් ජාතිය, ප්‍රීති සන්තෝෂ වන්න. විනාශය ඔබ වෙතත් පැමිණෙන්නේ ය. ඔබ මත් වී නිරුවතින් සිටින්නෙහි ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒදොම් භීතියට හේතුවක් වන්නේ ය. ඒ අසලින් යන සියල්ලෝ විස්මයට පත් වී ඊට පැමිණ තිබෙන විපත්ති ගැන දොඩන්නෝ ය.


සමිඳාණෝ නයිල් ගඟේ වරාය සහමුලින් ම වියළී යන්න සලස්වන සේක. එතුමාණෝ යුප්‍රටීස් ගඟ හරහා සිය අත ඔසවා, වියළි සුළඟක් එවා, එය කුඩා දිය පාරවල් හතකට බෙදන සේක. එවිට සෙනඟ ගොඩබිම යන්නාක් මෙන් එයින් එගොඩ වන්නෝ ය.


සමිඳුනි, ජෙරුසලම වැටුණ දවසේ දී, ‘බිඳ හෙළව්, බිඳ හෙළව්’ කියමින් ඒදොම් වැසියන් කළ දේ ඔවුන්ට විරුද්ධ ව සිහිකළ මැනව.


ඔව්හු එකතු වී බටහිර වසන පිලිස්තිවරුන්ට පහර දෙන්නෝ ය; නැගෙනහිර වසන සෙනඟ කොල්ල කන්නෝ ය. ඔව්හු ඒදොම් සහ මෝවබ් ජාතීන් ජයගන්නෝ ය. අම්මොන් වැසියොත් ඔවුන්ට කීකරු වන්නෝ ය.


නුඹලා කර ඇති මිනීමැරීම් නිසාත්, දේශයටත් නගරයටත් එහි වැසියන්ටත් කර ඇති බලහත්කාරකම් නිසාත්, නුඹලා ලෙබනොන්හි කළ අපරාධ නිසාත් නුඹලා විනාශ කරනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්