Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ජොයෙල් 2:24 - Sinhala New Revised Version

24 කමත් ධාන්‍යයෙන් පිරෙනු ඇත; මිදියුස ද තෙල් ද භාජනවලින් ඉතිරී යනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 කමත් ධාන්‍යයෙන් පිරෙනු ඇත; මිදියුස ද තෙල් ද භාජනවලින් ඉතිරී යනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 එවිට කමත් ධාන්‍යවලින් පිරෙනවා ඇත. මිදියුසද තෙල්ද පැස්වලින් ඉතිරෙනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජොයෙල් 2:24
8 හුවමාරු යොමු  

මාගේ මාලිගාවේ භෝජන තිබෙන පිණිස නුඹලා සම්පූර්ණ දසයෙන් කොටස ගබඩාවට ගෙනෙන්න. එසේ කළ විට ස්වර්ගයේ කවුළු හැර බහුල ලෙස මම නුඹලාට ආශීර්වාද නොදෙන්නෙම් දැ යි සෝදිසි කර බලන්න.


තවද සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සීසා ඉවර වූ වහා ම අස්වැන්න ඇති වේ. බීජ වැපුරූ වහා ම මිදි මිරිකීම ඇති වේ. කඳුවලින් මිහිරි මිදිපැන් වෑස්සේ, සියලු හෙල්වලින් මිදිපැන් ගලා යේ.


ඒ කාලයේ දී, කඳුවලින් මිදියුස වෑස්සෙනු ඇත; හෙල්වලින් කිරි ගලා යනු ඇත. ජුදාහි සියලු ඇල දොළවල වතුර පිරෙනු ඇත. සමිඳුන්ගේ මාලිගාවෙන් උල්පත් නික්ම ෂිට්ටිම් මිටියාවතට වතුර දෙනු ඇත.


අස්වැන්න පැසී ඇති බැවින් දෑකැත්ත යොදන්න; මිදි යන්ත්‍ර පිරී ඇති බැවින් ඇතුළට ගොස් පාගන්න; ඔවුන්ගේ නපුරුකම් අධික බැවින් බඳුන් උතුරා යයි.”


නුඹලා කලින් රැස් කළ අස්වැන්නෙන් අනුභව කොට, නව අස්වැන්න පැමිණෙන විට පරණ අස්වැන්නෙන් ඉතිරි වන කොටස නුඹලාට ඉවත් කරන්නට සිදු වනු ඇත.


දේශය ද පලදාව උපදවන විට නුඹලාට කන්නට උවමනා සෑම දේ දෙන්නේ ය. නුඹලා එහි සුරැකි ව වසන්නහු ය.


“එහෙත් එම්බා ඉශ්රායෙල් කඳු! නුඹලා මත ඇති ගස්වල දලු ලියලා මාගේ සෙනඟ වන ඉශ්රායෙල් උදෙසා පල දරා දෙනු ඇත; ඔවුන් ආපසු එන්න ළඟ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්