Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ජොයෙල් 2:21 - Sinhala New Revised Version

21 එම්බා දේශය! බිය නොවී ප්‍රීති ප්‍රමෝද වන්න. මන්ද, සමිඳුන් ඉමහත් දේ කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 එම්බා දේශය! බිය නොවී ප්‍රීති ප්‍රමෝද වන්න. මන්ද, සමිඳුන් ඉමහත් දේ කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 එම්බා දේශය, භය නොවී, ප්‍රීතිසන්තෝෂවෙන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ මහත් දේ කළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජොයෙල් 2:21
21 හුවමාරු යොමු  

බිය නොවන්න; නුඹ නැවත ලජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකැළඹෙන්න, නුඹ නින්දාවට පත් වන්නේ නැත. නුඹේ යොවුන් වියෙහි ලජ්ජාව නුඹ අමතක කරන්නෙහි ය. නුඹේ වැන්දඹුකමේ නින්දාව තවත් සිහි නොකරන්නෙහි ය.


බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි.


“මට යාච්ඤා කරන්න; එවිට මම නුඹට පිළිතුරු දී නුඹ නොදන්න, සැඟවී ඇති, වැදගත් සත්‍යයන් නුඹට දන්වන්නෙමි.


වනය ද වියළි දේශය ද ප්‍රීති වන්නෝ ය; කාන්තාරය ප්‍රීතිමත් වී සෙව්වන්දි මෙන් මල් දරන්නේ ය.


එබැවින් නිශ්චල ව සිට සමිඳාණන් වහන්සේ ඔබේ ඇස් හමුයෙහි කරන්නට යන මේ මහත් දේ බලන්න.


එහෙත්, දැන් ජෙරුසලමට හා ජුදා වැසියන්ට ආශීර්වාද කරන්න මම සිතට ගෙන සිටිමි. ඒ නිසා බිය නොවන්න.


මම උතුරු හමුදාව නුඹලා වෙතින් ඈත් කර, ඔවුන් නිසරු, පාළු දේශයකට පලවා හරිමි. පෙරමුණෙහි සේනා මළ මුහුදටත් පසුපස සේනා මධ්‍යධරණි මුහුදටත් පලවා හරිමි. ඔවුන් කළ අහංකාරී ක්‍රියා නිසා ඔවුන්ගේ මළකඳන්වලින් දුගඳ පැතිරී යනු ඇත.


සමිඳාණන් වහන්සේට ගරුබිය ඇතිව, ඔබේ මුළු සිතින් උන් වහන්සේට සැබෑ ලෙස වැඳුම්පිදුම් කරන්න. සමිඳාණන් වහන්සේ ඔබ උදෙසා කොපමණ මහත් දේ කර ඇත් දැ යි සිහි කරන්න.


“තවද, දෙවියන් වහන්සේ මිහි පිට මිනිසා මැවූ දා සිට මේ දක්වා ගෙවීගිය දීර්ඝ කාලය තුළ වේවා, අහසේ එක් කොණක සිට අනික් කොණ දක්වා වේවා, මෙයාකාර මහා දෙයක් සිදු වූ බවක් හෝ එවැන්නක් ගැන ඇසූ බවක් හෝ දැනගන්නට තිබේ ද?


ගංගා අත් පොළසන් දේ වා! කඳු හෙල් එක් ව සමිඳුන් හට ප්‍රීති නාද දේ වා!


කලකට පසු සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී, පණිවුඩයක් දෙමින්, “ආබ්‍රම්, බිය නොවන්න; නුඹ රක්නා පලිහ මම ය; නුඹේ වාසනාව අතිවිසල් ය”යි වදාළ සේක.


ඒ කාලයේ දී මම මාගේ සෙනඟගේ යැදුම්වලට පිළිතුරු දෙන්නෙමි. මම අහසින් පොළොවට වැසි වස්වන්නෙමි.


ස්වර්ගයෙනි, ගී ගයන්න; පොළොවේ ගැඹුරු තැන්, හඬ නඟන්න. කඳු ද වනය ද එහි සියලු දේ ද ප්‍රීති ශබ්ද නඟන්න. මන්ද, සමිඳාණෝ, ඉශ්රායෙල් නම් සිය සෙනඟ ගළවාගෙන, සිය මහිමතාව ප්‍රකාශ කළ සේක.


“නුඹලා ප්‍රීතියෙන් බබිලෝනියෙන් නික්ම යන්නහු ය. සාමදානයෙන් නගරයෙන් ගෙනයනු ලබන්නහු ය. කඳු හෙල් නුඹලා ඉදිරියේ බියෙන් ඉපිළෙයි. වනයේ සියලු ගස් කොළන් අත් පොළසන් දෙයි.


අනේ දෙවිඳුනි! ඔබේ දැහැමිකම අහස දක්වා උසස් ය. ඔබ ප්‍රබල ක්‍රියා කළ සේක. ඔබට සමාන අන් කෙනෙක් නැත්තේ ය.


නුඹලා කා තෘප්තියට පැමිණ නුඹලා උදෙසා පුදුම දේ කළ නුඹලාගේ දෙවි සමිඳුන්ගේ නාමයට පැසසුම් කරන්න. මාගේ සෙනඟ මින්පසු කිසි කලෙක ලජ්ජාවට නොපැමිණෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්