Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෝබ් 4:9 - Sinhala New Revised Version

9 දෙවිඳුන්ගේ එක හුස්මෙන් පවිටු දනෝ වැනසී යති. එතුමන්ගේ උදහස් මාරුතයෙන් ඔව්හු සැම ම පහ වී යති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 දෙවිඳුන්ගේ එක හුස්මෙන් පවිටු දනෝ වැනසී යති. එතුමන්ගේ උදහස් මාරුතයෙන් ඔව්හු සැම ම පහ වී යති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 දෙවියන්වහන්සේගේ හුස්මට ඔව්හු විනාශවන්නෝය, උන්වහන්සේගේ උදහස නමැති සුළං පහරින් ඔව්හු පහව යන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 4:9
13 හුවමාරු යොමු  

ඔහු ආරංචියක් අසා තමාගේ දේශයට හැරී යන ලෙස මම ඔහුගේ සිතට අදහසක් දමා, ඔහුගේ දේශයේ දී ඔහු කඩුවෙන් මැරී වැටෙන්නට සලස්වන්නෙමි’යි කියා ඔබේ ස්වාමියාට දන්වන්නැ”යි කී ය.


කාන්තාරය හරහා චණ්ඩ මාරුතයක් හමා අවුත් ගෙයි සතර කොණට වැදුණේ ය. එය දූ පුතුන් පිට කඩා වැටී ඔව්හු මළෝ ය. මේ පුවත සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.


ඔහු දුක ‘ඳුරෙන් එළියට එන්නේ නැත. ඔහු ගිනි දලුවෙන් වියළී ගිය අතු ඇති, මල් සුළඟට ගසාගෙන ගිය ගසක් මෙන් වනු ඇත.


උඩඟු අය දෙස බලා, උදහස වගුරුවා ඔවුන් පහත හෙළ‍න්න.


ඔවුන් හැම දෙන ධූලියෙහි වළලා, මළවුන්ගේ ලොවෙහි ඔවුන් බැඳ තබව.


සමිඳුනි, ඔබේ තරවටු කිරීමෙන් ද ඔබේ නාසයේ හුස්මේ වේගයෙන් ද සත් සමුදුර හෙළි පෙහෙළි විය.


ඔබ හුස්ම පිඹලූ සේක, මුහුද ඔවුන් වසාගති. ඔව්හු රුදුරු ජල කඳ තුළ ඊයම් මෙන් කිඳා ගියහ.


ඔබේ නැහැයේ හුස්මෙන් ජලය ගොඩ ගැසෙයි. දිය දහර වේල්ලක් මෙන් කෙළින් සිටියි. මුහුදු ගැබේ ජල කඳ මිදිණි.


එතුමාණෝ යුක්ති සහගත ලෙස දුප්පතුන් විනිශ්චය කොට, යටහත් පහත් අයට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන සේක. එතුමාණෝ තමන්ගේ ආඥා යෂ්ටියෙන් දේශයට පහර දෙන සේක. වචනයකින් දුෂ්ටයෝ මිය යන්නෝ ය.


මීට කලකට පෙර අසිරියාවේ රජ්ජුරුවන් පුළුස්සාදමන මහා ගින්නක් ඇති තැනක් සූදානම්කර තිබුණේ ය. එය ඉතා ගැඹුරු ය, පළල් ය. එහි උසට දර ගොඩ ගසා ඇත. එහි ගිනි දල්වන පිණිස සමිඳාණන් වහන්සේ ගිනි වැනි හුස්මක් ඒ පිට හෙළන සේක.


සමිඳුන්ගේ හුස්ම වැදුණ විට තණ කොළ වියළී යයි; මල් පර වෙයි. මිනිස් වර්ගයා ඒ තණ කොළ හා සමාන ය.


එවිට නොපනත්කමේ මනුෂ්‍යයා එළිදරව් වේ. ජේසුස් ස්වාමීන් වහන්සේ ස්වකීය මුඛයේ හුස්මෙන් ඔහු නසා, උන් වහන්සේගේ ආගමනයේ තේජශ්‍රීයෙන් ඔහු වනසා ලන සේක.


එබැවින්, පසුතැවී සිත හරවා ගන්න. එසේ නුවූවොත්, මම විගසින් ඔබ වෙත පැමිණ, මාගේ මුඛයෙන් නික්මෙන කඩුවෙන් ඔවුන්ට විරුද්ධ ව සටන් කරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්