Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 4:10 - Sinhala New Revised Version

10 සිංහයාගේ ගර්ජනය ද රුදුරු සිංහ රජුගේ ගෙරවීම ද පහ වී ඇත; සිංහ පෝතකයාගේ දත් ඇදී බිඳී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 සිංහයාගේ ගර්ජනය ද රුදුරු සිංහ රජුගේ ගෙරවීම ද පහ වී ඇත; සිංහ පෝතකයාගේ දත් ඇදී බිඳී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 සිංහයාගේ ගර්ජනාවත් රෞද්‍ර සිංහයාගේ හඬත් නැතිවිය, තරුණ සිංහයන්ගේ දත්ද බිඳී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 4:10
7 හුවමාරු යොමු  

අහෝ දෙවිඳුනි! ඔවුන්ගේ මුඛයේ දත් පොඩි කළ මැනව; මේ සිංහ පෝතකයන්ගේ දළ බිඳ දැමුව මැනව.


මිහි පිට දිළිඳුන් ද ජනතාව අතරෙන් දුගීන් ද ගිලදැමීමට, කඩුපත් වැනි දත් හා පිහියා වැනි හකු ද ඇති මිනිසුන් ඇත.


මිනිසුන් කන සිංහයන් වැනි රුපුන් මැද මම වැතිර සිටින්නෙමි. උන්ගේ දත් හෙල්ල හා ඊගස් වැන්න; උන්ගේ දිව් මුවහත් අසිපත් වැන්න.


සමිඳුනි, වැඩිය මැනව; දෙවිඳුනි, මා මුදාලුව මැනව. මන්ද, ඔබ සතුරන්ගේ බල සිඳලන සේක; දුදනන්ගේ දළ බිඳලන සේක.


මම අදමිටුවාගේ හක්ක බිඳ, විපතට පත් වූ අය ඔහුගේ කටින් මුදා හැරියෙමි.


එතුමාණෝ දිළිඳුන් කඩුපතින් ද දුබලුන් බලවතුන්ගෙන් ද ගළවාගන්න සේක.


ඔව්හු වේගයෙන් ගලා යන වතුර මෙන් පහ ව යත් වා! පයට පෑගුණ තණ මෙන් වියළී යත් වා!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්