Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 35:3 - Sinhala New Revised Version

3 ‘මාගේ පව්වලින් ඔබට කුමන පලක් ද? පව් නොකර සිටීමෙන් මට ලැබුණු වාසිය කුමක් දැ යි අසන එක හරි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ‘මාගේ පව්වලින් ඔබට කුමන පලක් ද? පව් නොකර සිටීමෙන් මට ලැබුණු වාසිය කුමක් දැ යි අසන එක හරි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 මක්නිසාද: එයින් නුඹට ඇති වාසිය මොකද කියාත්, මා පව්කළානම් ලැබෙනවාට වඩා මට මොන ප්‍රයෝජනයක් ලැබේද කියාත් නුඹ කියන්නෙහිය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 35:3
10 හුවමාරු යොමු  

‘දෙවිඳුන්ගේ ප්‍රසාදය දිනාගැනීමෙන් මිනිසෙකුට කවර ප්‍රයෝජනයක් වේ දැ’යි ඔහු කියයි.


‘දෙවියන් වහන්සේට සේවය කිරීම නිෂ්ඵල ය. උන් වහන්සේගේ ආඥා ඉටු කිරීමෙන් වත්, කණගාටුවෙන් සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හැසිරීමෙන් වත් වැඩක් ඇද් ද?


මා සිත නිර්මල ව තබාගත්තේත්, පවින් මා දුරු ව සිටියේත් නිකරුණේ ය.


ඉහළ වසන දෙවිඳුන්ගෙන් වන ප්‍රතිවිපාක ද සගලොව සව් බලැති එතුමාණන් නියම කළ ඉරණම ද කාට නම් කිව හැකි ද?


සව් බලැති දෙවිඳුන්ට වැඳ නමස්කාර කිරීමට එතුමාණෝ කවරෙක් ද? එතුමන්ට අයැදුම් කිරීමෙන් කුමන වැඩක් සිදු වේ ද?’


මම දුෂ්ටයෙක් වීම් නම්, මට වන විපතක මහත! මම දැහැමි කෙනෙක් වීම් නම්, ලජ්ජාවෙන් මිරිකී කාලකණ්ණි ව සිටිනු මිස හිස එසවීමක් මට නැත.


මුරකාරයාණෙනි, මාගේ පවින් ඔබට වරදක් වී ද? ඔබේ දුන්නට මා ඉලක්කයක් කර ගත්තේ මන් ද? ඔබ හට මා එතරම් බරක් වී ද?


ඔබටත්, ඔබේ මිතුරන්ටත් මම මේ පිළිතුර දෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්