Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 24:5 - Sinhala New Revised Version

5 දිළින්ඳෝ වල් කොටළුවන් විලසින් මරුකතරෙහි කෑම සොයා ඔබමොබ යති. අන් කිසි තැනකින් දුප්පතුන්ට කෑම සොයාගන්නට බැරිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 දිළින්ඳෝ වල් කොටළුවන් විලසින් මරුකතරෙහි කෑම සොයා ඔබමොබ යති. අන් කිසි තැනකින් දුප්පතුන්ට කෑම සොයාගන්නට බැරිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 කාන්තාරයේ වල් කොටළුවන් මෙන් ඔව්හු කෑම සොයමින්ම තමුන්ගේ වැඩේට පිටත්ව යති; මරුකතර ඔවුන්ගේ දරුවන්ට කෑම දෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 24:5
16 හුවමාරු යොමු  

එහෙත් මිනිසා, සවස දක්වා වැඩ කරන පිණිස නික්ම යයි.


පහන් වූ කල ජුදෙව්වරු කුමන්ත්‍රණයක් කර, පාවුලු මරනතුරු නොකා නොබී සිටීමට දිවුරුමකින් බැඳුණෝ ය.


එවිට ඔව්හු, ජේසුස් වහන්සේ කායාපස් වෙතින් රජවාසලට ගෙන ගියහ. එය අලුයම් වේලාව විය. පාස්කු භෝජනය වැළඳීමට නොහැකි වන සේ තමන් අපවිත්‍ර වෙති යි සිතා, ඔව්හු රජවාසලට ඇතුළු නොවූ හ.


ජෙරුසලමේ සිටින අධිපතීහු ගොරවන සිංහයෝ ය. ඇගේ විනිශ්චයකාරයෝ කෑදර වෘකයෝ ය. ඔව්හු පසු දිනට කිසිවක් ඉතිරි නොකරති.


සිය යහන්වල වැතිර, නපුරු උපා හිතන මතන අයට වන විපතක මහත! පහන් වූ විට ඔවුන්ගේ අතේ බලය නිසා ඔව්හු ඒවා කරති.


රැළෙන් වෙන්‍ වූ වල් කොටළුවෙකු සේ ඔවුන් අසිරියාවට ගොස් ඇත. එප්‍රායිම් ජාතිය පෙම්වතුන් කුලියට ගන්න පිණිස අන්‍ය ජාතීන්ට මුදල් ගෙවා ඇත.


ඔවුන්ගේ සිත් කුමන්ත්‍රණ චේතනාවෙන්‍ උදුනක් මෙන් දැවෙන්නේ ය. ඔවුන්ගේ ක්‍රෝධය රෑ මුළුල්ලේ දුම් නඟිමින් ඇවිළී උදෑසන පුපුර පුපුරා ගිනි ගනියි.


නුඹ තෘෂ්ණාවෙන් දැවෙමින් ඉව අල්ලන කාන්තාරයේ වල් කොටළු දෙනක හා සමාන ය. ඈ කුල්මත් වී සිටින විට ඈ දමනය කළ හැක්කේ කාට ද? ඈ සොයන පිරිමි සතාට වෙහෙස වීමට වුවමනාවක් නැත. පට්ටිගසන කාලයේ දී ඈ පහසුවෙන් සොයාගත හැකි ය.


නපුරක් නොකළොත්, දුදනන්ට නින්දක් නැත; යමෙකු පාගා නොදැමුවොත්, ඔවුන්ට නින්දක් නැත.


මිනීමරුවා අලුයමින් නැඟිට දිළිඳුන් හා අසරණයන් මැරීමට යයි; රාත්‍රියේ දී සොරකමට යයි.


කොල්ලකාරයන්ගේ නිවෙසට සාමය උදා වෙයි; දෙවිඳුන් කෝප කරන අය යහතින් වසති. ඔවුන්ගේ ම ශක්තිය ඔවුන්ගේ දෙවියන් වී ඇත.


අනුවණයන් රැස් කරන අස්වැන්න සාගිනි ඇති අය කාදමති; කටු අතර වැඩුණු ධාන්‍ය වුව ද ඔව්හු කපා ගනිති; තණ්හා ඇති අය ඔවුන්ගේ වස්තුව පැහැරගන්නට බලා සිටිති.


කඩුවෙන් නුඹ ජීවත් වන්නෙහි ය. සොහොයුරු හට මෙහෙ කරන්නෙහි ය. එහෙත් නුඹ ඔහු යටත් කළ විට ඔහුගේ වියගස නුඹේ කරින් ගසාදමනු ඇත.”


ඒ මිනිසා වල් මීමෙකි. කාටත් ඔහු එරෙහි වේවි. කවුරුත් ඔහුට එරෙහි වේවි. නෑදෑයින් හැරදමමින් කල් යවාවි.”


ඔව්හු අන් අය සතු කෙත් වතුවලින් අස්වැන්න රැස් කරගනිති; දුදනන්ගේ මිදිවතුවලින් මිදි පල නෙළාගනිති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්