Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෝබ් 19:27 - Sinhala New Revised Version

27 මම ම එතුමාණන් දකිමි; අන්‍යයෙකු නොව මම, මාගේ දෙනෙතින් ම එතුමාණන් දකිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 මම ම එතුමාණන් දකිමි; අන්‍යයෙකු නොව මම, මාගේ දෙනෙතින් ම එතුමාණන් දකිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 මමම උන්වහන්සේ දකින්නෙමි, අන්‍යයෙක් නොව මාගේම ඇස් උන්වහන්සේ දකින්නේය. මාගේ හෘදයවස්තුව මා තුළෙහි ක්ෂයවී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 19:27
8 හුවමාරු යොමු  

ඔහු දෙවිඳුන්ට අයැදින විට එතුමාණෝ ඔහුට පිළිතුරු දෙන සේක. එවිට ඔහු ප්‍රීතියෙන් එතුමාණන් නමදින්නේ ය. දෙවි තුමාණෝ යළි ඔහු දැහැමිකමට පමුණුවන සේක.


සමිඳුන් මාගේ පැත්තට සිටින බැවින් මම බිය නොවන්නෙමි. මට හානි කිරීමට කිසිවෙකුට හැකි ද?


මගේ සිත ඔබේ ගැළවීමට ආශාවෙන් වැහැරී යයි. මම ඔබේ පොරොන්දු කෙරෙහි බලාපොරොත්තු වෙමි.


මා දමිටු හෙයින් මම ඔබේ මුහුණ දකින්නෙමි; මා අවදි වන කල ඔබේ ස්වරූපය දැක සෑහීමට පත් වන්නෙමි.


මාගේ ගත සිත කෙමෙන් වැහැරෙයි; එහෙත්, දෙවිඳාණෝ මාගේ ශක්තිය ද උරුමය ද වන සේක.


අපේ මළ ගිය අය නැවත ජීවත් වනු ඇත; ඔවුන්ගේ මළ සිරුරු නැවත පණ ගැන්වෙනු ඇත. සොහොන්වල සැතපී සිටින සියලු දෙන පිබිද ප්‍රීතියෙන් ගී ගයත් වා! බැබළෙන පිනි පොළොව ප්‍රාණවත් කරන සේ බොහෝ කලක් මැරී සිටින අය සමිඳාණෝ නැවත පණ ගන්වන සේක.


සියලු දිශාවල පැතිර ඇති දේශයක් කෙරෙහි තේජසින් පාලනය කරන රජ කෙනෙක් නුඹලාට නැවත දකින්න ලැබෙන්නේ ය.


මම එතුමන් දකිමි, එහෙත් දැන් නොවේ; මට එතුමන් පෙනේ, එහෙත් ළඟපාත නොවේ; ජාකොබ්ගේ පෙළපතින් තරුවක් පායනු ඇත; ඉශ්රායෙල් වංශයෙන් ජයකොන්තයක් මතු වනු ඇත. එතුමන් මෝවබ් නායකයන්ට පහර දී, ඔද වැඩි, සැහැසියන් වනසනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්