Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෝබ් 18:12 - Sinhala New Revised Version

12 සාගින්නෙන් ඔහුගේ වෙර වීරිය හීන වෙයි; වැටි වැටී යන ඔහුට විපත සමීප ව ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 සාගින්නෙන් ඔහුගේ වෙර වීරිය හීන වෙයි; වැටි වැටී යන ඔහුට විපත සමීප ව ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 බඩගින්නෙන් ඔහුගේ ශක්තිය හීනවන්නේය, කොරගසමින් යන ඔහුට විපත්තිය ළංවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 18:12
10 හුවමාරු යොමු  

අදමිටු දනට විනාශයත්, අයුතුකම් කරන අයට විපතත් එතුමාණන් නියම කර ඇත.


ඔහුගේ දරුවෝ ඉබාගාතේ යමින් සිඟා කත් වා! ඔවුන් වාසය කරන පැල්පත්වලින් ඔව්හු පලවා හරිනු ලබත් වා!


ධනපතීහු පවා කෑම නැති ව සාගින්නෙන් පෙළෙති; එහෙත්, හිමි තුමන් සරණ යන අයට යහපත් දෙයින් කිසි අඩුවක් නැත.


සෙනඟ අමාරුවට වැටී සාගින්න නිසා රටෙහි ඔබමොබ ඉබාගාතේ යනු ඇත. ඔව්හු සාගින්නෙන් හා කෝපයෙන් තමන්ගේ රජුට හා තමන්ගේ දෙවියන්ට දෙස් කියති. ඔව්හු අහස දෙස බැලුවත්,


‘සාමය ඇත; අනතුරක් නැතැ’යි ඔවුන් කියන විට, ගැබිණියකට විළිරුජා පැමිණෙන්නාක් මෙන්, ක්ෂණික විනාශය ඔවුන් පිට පැමිණේ; ඔවුන්ට කිසි ගැළවීමක් නැත.


ඔවුන්ගේ තණ්හාව නිසා ඔව්හු වංචනික ඉගැන්වීම්වලින්, ඔබ වෙළඳ බඩු බවට පත් කරගන්නෝ ය. ඔවුන්ගේ විනිශ්චය පුරාණයේ සිට ම පැවත එයි. එය අවලංගු වී නැත. ඔවුන්ගේ විනාශකයා නොනිඳා සිටියි.


තවද, නුඹේ වංශයෙන් ඉතුරු වන හැම දෙනා රිදී කාසියක් ද රොටියක් ද ලබාගන්න පිණිස රජු වෙත පැමිණ ඔහු ඉදිරියේ වැඳ වැටී, අනේ රොටි කෑල්ලක් කන පිණිස පූජක තනතුරට මා පත් කළ මැනවැ’යි කියනු ඇත.”


කා බී තර වී සිටි අය කුලී වැඩ කරති; සාගින්නෙන් පෙළී සිටි අයට සාගින්නක් තවත් නැත. වඳ ස්ත්‍රියට දරුවන් සත්දෙනෙක් ඇත. බොහෝ දරුවන් ලැබූ ස්ත්‍රියට දැන් එකෙක් වත් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්