Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 17:2 - Sinhala New Revised Version

2 කොයි අතට හැරුණත්, මිනිස්සු මට සරදම් කරති. ඔවුන්ගේ ඇණුම්බැණුම්වලට මට මූණ පාන්නට වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 කොයි අතට හැරුණත්, මිනිස්සු මට සරදම් කරති. ඔවුන්ගේ ඇණුම්බැණුම්වලට මට මූණ පාන්නට වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 සැබෑවටම සරදම්කාරයෝ මා වෙත සිටිති, මාගේ ඇස ඔවුන්ගේ විරුද්ධකම් දෙසටම යොමුවී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 17:2
12 හුවමාරු යොමු  

මාගේ ආයාචනය දෙවිඳුන් වෙත නඟියි. මාගේ දෙනෙතෙහි කඳුළු එතුමන් දෙස ගලා යයි.


මම දෙවිඳුන් අයැද උත්තර ලත් මිනිසෙක්මි; එහෙත්, මාගේ මිතුරන් හට දැන් මම විහිළුවක් වී සිටිමි. අනේ! දැහැමි, අවංක මිනිසා විහිළුවක් වන හැටි!


පරමෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වසන තැනැත්තේ, සව් බලැති දෙවිඳුන්ගේ සරණෙහි සුරැකි වන්නේ ය.


ඔහු සුව සේ වාසය කරයි; ඔහුගේ වංශයට දේශය හිමි වෙයි.


මට වචනයක් කීමට ඉඩ දෙන්න. කැමැති නම්, ඉන්පසු අපහාස කරන්න.


එතුමන් ඔබ හොඳින් විමසා බැලුවොත් යහපත් දෙයක් සම්බ වනු ඇද් ද? මිනිසුන් රවටන්නාක් මෙන් එතුමන් රවටන්නට ඔබට හැකි වේ ද?


සීමාවක් නැති ඔබේ ප්‍රලාපවලින් අප නිහඬ කිරීමට ඔබ සිතන්නෙහි ද? ඔබ අනන්මනන් දොඩන විට යමෙකු ඔබට දොස් නොනඟා සිටිනු ඇද් ද?


සමිඳුන් මිනිසුන් අතර මා නින්දා පාඨයක් කර ඇත. ඔව්හු මාගේ මුහුණට කෙළ ගසති.


මේ හැම දෙය ඔබ තේරුම් ගන්නහු නම්, මෙවැනි වල්පල් ඔබ නොදොඩන්නහු ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්