Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 15:23 - Sinhala New Revised Version

23 ගිජු ලිහිණියන්ට ගොදුරු වීම ඔහුට නියම වී ඇත. තමාගේ විනාශය ළඟ බව ඔහුට සහතික ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ගිජු ලිහිණියන්ට ගොදුරු වීම ඔහුට නියම වී ඇත. තමාගේ විනාශය ළඟ බව ඔහුට සහතික ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 කෑම කොතැන තිබේද කියා සොයමින් ඔහු ඔබ මොබ යන්නේය; අන්ධකාරයේ දවස තමාගේ අත ළඟ සූදානම්ව තිබෙන බව ඔහු දන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 15:23
21 හුවමාරු යොමු  

ඔහුගේ දරුවෝ ඉබාගාතේ යමින් සිඟා කත් වා! ඔවුන් වාසය කරන පැල්පත්වලින් ඔව්හු පලවා හරිනු ලබත් වා!


ඔව්හු ගොදුරු සොය සොයා සැරිසරන්නෝ ය; ඔව්හු සෑහීමට පත් නොවුවොත් ගොරවන්නෝ ය.


සාගින්නෙන් ඔහුගේ වෙර වීරිය හීන වෙයි; වැටි වැටී යන ඔහුට විපත සමීප ව ඇත.


අපට ඇත්තේ විනිශ්චය ගැනත්, විරුද්ධවාදීන් දවාලන උදහස් ගින්න ගැනත් බියෙන් බලා සිටීම පමණකි.


ඒ දවස උදහසේ දවසක් ය. දුක් විපත් ඇති දවසක් ය; නාස්තියේ හා විනාශයේ දවසක් ය; අන්ධකාරයේ හා කළුවරකමේ දවසක් ය; වලාපටල හා ඝනාන්ධකාරය ඇති දවසක් ය.


සමිඳාණන් වහන්සේගේ පැමිණීමේ දවසේ දී ඇතිවන්නේ, අන්ධකාරය මිස ආලෝකය නොවේ. එය දීප්තියක් නැති තිත්ත කළුවර දවසක් වන්නේ ය.


ඒ දවස කළුවර අඳුරු දවසක් ය; වලාකුළු සහිත ගන අඳුරු දවසක් ය. ගන අඳුර කඳු පිට පැතිර යන්නාක් මෙන් මහා හමුදාවක් පැමිණෙන්නේ ය. එවැන්නක් කිසි කලෙක නො වී ය; මතු පරම්පරාවල කවදා වත් නොවන්නේ ය.


පාළුකරයේ මිනීමරුවන් සැරිසරන බැවින් කෑම සෙවීමේ දී අපි අන්තරාවට මූණ පාමු.


සෑහෙන පමණ කෑම ලබන පිණිස, මිසරයටත්, අසිරියාවටත් අපි සිඟමින් ගියෙමු.


එසේ ය, මනුෂ්‍යයෙක් චිරාත් කාලයක් ජීවත් ව සිට ඔහු ඒ සියල්ලෙහි ප්‍රීති වේ වා! එහෙත්, අඳුරු දවස් එන බව ද ඒවා බොහෝ බව ද සිදු වන හැම දෙය ම නිසරු බව ද ඔහු අමතක නොකරාවා.


එළියෙන් අඳුරට ඔහු නෙරපාදමනු ලැබේ. ජීවතුන්ගේ ලෝකයෙන් ඔහු පලවා හරිනු ලැබේ.


මෙතැන් සිට නුඹ බිම වගා කරන විට, එය නුඹට පලදාව නොදෙන්නේ ය. නුඹ ගෙයක් දොරක් නැති, මිහි පිට ඉබාගාතේ යන මිනිහෙක් වන්නෙහි යැ”යි වදාළ සේක.


අඳුරු මරු මුවින් මිදීමේ බලාපොරොත්තුවක් ඔහුට නැත. කඩු පහර තමාගේ ඉරණම බව ඔහුට සහතික ය.


අඳුරු දවස ඔහු බිය ගන්වයි. සටනට සැරසුණු බලවත් නිරිඳෙකු මෙන් විපත්තිය හා වේදනාව ඔහුට පහර දෙයි.


ඔහු දුක ‘ඳුරෙන් එළියට එන්නේ නැත. ඔහු ගිනි දලුවෙන් වියළී ගිය අතු ඇති, මල් සුළඟට ගසාගෙන ගිය ගසක් මෙන් වනු ඇත.


ඔබේ බල මහිමය ගැන මම ගී ගයන්නෙමි; ඔබේ තිර පෙම ගැන හැම උදය ම මම හඬ නඟා ගයන්නෙමි. මන්ද, ඔබ මාගේ බලකොටුව වූ සේක; මාගේ විපතේ දී ඔබ මාගේ සරණය වූ සේක.


සමිඳාණෝ දැහැමි දනා හාමතට නොහරින සේක; එහෙත් දුදනන්ගේ මන දොළ නිෂ්ඵල කරන සේක.


සමිඳුන් මැවූ හැම දෙයට ම ඉරණමක් ඇත; දුදනන්ගේ ඉරණම විනාශය වේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්