Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 14:20 - Sinhala New Revised Version

20 ඔබ අවසානය දක්වා ඔහු පරාජය කරන සේක. ඔහු අතුරුදහන් වී යයි; ඔහුගේ මුහුණේ රූප විලාශය වෙනස් කොට ඔබ ඔහු පහකරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ඔබ අවසානය දක්වා ඔහු පරාජය කරන සේක. ඔහු අතුරුදහන් වී යයි; ඔහුගේ මුහුණේ රූප විලාශය වෙනස් කොට ඔබ ඔහු පහකරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 ඔබ නිතරම ඔහු පරාජයකරනසේක, ඔහු අහක්ව යන්නේය; ඔබවහන්සේ ඔහුගේ මුහුණ වෙනස්කර ඔහු හරිනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 14:20
7 හුවමාරු යොමු  

දැන් ඔවුන්ගේ පෙනීම අඟුරුවලට වඩා කළු ය. ඔවුන් වීදිවල දී ඇඳිනගන්න වත් බැරි ය. ඔවුන්ගේ හම ලී මෙන් වියළී ඔවුන්ගේ ඇටවලට ඇළී ඇත.


මරණයෙන් වැළකීමට වත්, මරණය කල් දැමීමට වත් කෙනෙකුට නොහැකි ය. සටනෙන් මිදීමකුත් නැත; දුෂ්ටයාට, දුෂ්ටකම නිසා නිදහස්වීමක් නැත.


මියගිය පසු, මිනිසෙක් යළිත් ජීවත් වෙයි ද? මම නම්, මාගේ නිදහස පැමිණෙන තෙක් ජීවිත සටනේ සියලු දවස්වල බලාපොරොත්තුවෙන් පසු වෙමි.


ඔවුන් දුර තියා ජෝබ් දුටු විට ඔවුන්ට ඔහු හඳුනා ගත නොහැකි විය. එහෙත්, ඔහු හඳුනාගත් කෙණෙහි ම ඔව්හු මහ හඬින් හඬන්නට වූ හ. ශෝකයෙන් තමන්ගේ සළු ඉරා ගෙන තම හිස් පිට දූවිලි දමාගත්හ.


මම් එසේ මළෙම් නම්, දැන් නිසංසල ව මිනීවළෙහි මට ඉන්න තිබිණි; කරදරයක් කිසිත් නැති ව මරණ නින්දට යන්න තිබිණි.


උදය සිට සවස වන තුරු ඔව්හු වැනසී යති; කිසිවෙකුගෙන් සැලකිලි නොලැබ ඔව්හු සදහට ම වැනසී යති.


කුණු කසළ මෙන් ඔහු සදහට ම නැති වී යයි. ඔහු දැන සිටි අය, ‘දැන් ඔහු කොහේ දැ’යි ප්‍රශ්න කරති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්