Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 11:18 - Sinhala New Revised Version

18 බලාපොරොත්තු ඇති බැවින් ඔබට ආත්ම විශ්වාසය ඇත; ඔබ සිත් සතොසින් සුරක්ෂිත ව සැතපෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 බලාපොරොත්තු ඇති බැවින් ඔබට ආත්ම විශ්වාසය ඇත; ඔබ සිත් සතොසින් සුරක්ෂිත ව සැතපෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 බලාපොරොත්තුව තිබෙන බැවින් නුඹ විශ්වාසයෙන් සිටින්නෙහිය; එසේය, නුඹ වටකර සෝදිසිකර බලා, සුරක්ෂිතව සැතපෙන්නෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 11:18
14 හුවමාරු යොමු  

මම ශාන්ත සිතින් සැතපී, වහා නින්දට යමි. මන්ද, සමිඳුනි, ඔබ පමණක් මට සුරැකි ව විසීමට වර දෙන සේක.


මම වැදහෙව නිදාගනිමි; යළි අවදි වෙමි. මන්ද, සමිඳාණෝ මට රැකවරණය දෙන සේක.


ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට යළිත් මෙ මම් පැසසුම් දෙමි.


ඔවුන් හට එය අනාවරණය කරන ලද්දේ ඒ රහසේ තේජාන්විත සම්පත කුමක් දැ යි සකල ජාතීන්ට දන්වනු පිණිස ය. ඒ රහස නම්, ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුළ වැඩවිසීම ය. උන් වහන්සේ ඔබේ තේජාන්විත බලාපොරොත්තුව වන සේක.


දුෂ්ටයා දුෂ්ට ක්‍රියාවලින් පිරිහෙයි; ධර්මිෂ්ඨයා සිය දැහැමිකමින් සුරැකෙයි.


බලාපොරොත්තු රහිත ව මම දවස් යවමි; ඒවා නූල් කටින නඩාව මෙන් යුහුව දුව යයි.


මාගේ දිවි ගෙන යාමට කුමන ශක්තියක් මට ඇද් ද? මරණය මට නියත නම්, ජීවත් වීමෙන් වැඩක් මට ඇද් ද?


ඔබේ ජීවිතය මද්දහනේ හිරුට වඩා දීප්තිමත් වනු ඇත. ඔබේ ගන’ඳුර හිරු උදාවට හැරෙනු ඇත.


ඔබ කිසිවෙකුගෙන් බියක් නැති ව සුව සේ නිදනු ඇත. බොහෝ දෙනෙකු ඔබෙන් කරුණාව සොයා එනු ඇත.


උදයෙන් ම නැඟිට රෑ බෝ වී නින්දට යාම ද ආහාර සැපයීමට පමණ ඉක්මවා වෙහෙසවීම ද නිෂ්ඵල ය. මන්ද, සමිඳුන්ට ප්‍රේම කරන අයට වුවමනා දේ එතුමාණෝ සපයා දෙන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්