Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 11:17 - Sinhala New Revised Version

17 ඔබේ ජීවිතය මද්දහනේ හිරුට වඩා දීප්තිමත් වනු ඇත. ඔබේ ගන’ඳුර හිරු උදාවට හැරෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ඔබේ ජීවිතය මද්දහනේ හිරුට වඩා දීප්තිමත් වනු ඇත. ඔබේ ගන’ඳුර හිරු උදාවට හැරෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 නුඹේ ජීවිතය ඉරමුදුන් වේලාවටත් වඩා දීප්තිමත් වන්නේය; අන්ධකාරය තිබෙන නුමුත් එය පහන් වේලාව මෙන් වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 11:17
17 හුවමාරු යොමු  

හිමි තුමන් ඔබේ යහපත්කම ඉර එළිය මෙන් ද ඔබේ දැහැමිකම මද්දහන මෙන් ද බබළවන සේක.


එහෙත් දැහැමියන්ගේ මාවත උදේ පායන හිරු මෙන් ය, එය මද්දහනය දක්වා දීප්තියෙන් වැඩි වේගෙන යයි.


අපි සමිඳාණන් වහන්සේ දැන හැඳින ගැනීමට වීර්ය කරමු. හිරු උදා වෙන සේ නිසැක ව ම උන් වහන්සේ අප වෙත පැමිණෙන සේක. වර්ෂාව මෙන්, පොළොව තෙමන මෝසම් වැසි මෙන් නිසැක ව ම උන් වහන්සේ අප වෙත පැමිණෙන සේකැ”යි සෙනඟ කියති.


එහෙත්, මාගේ නාමයට ගරුබිය දක්වමින්, ජීවත්වන නුඹලාට ධර්මිෂ්ඨකම නමැති සූර්යයා සිය රැස්වල සුවසහනය ඇති ව උදාවන්නේ ය. ගාලෙන් පිට වී දුව පැන යන වහු පැටවුන් මෙන් නුඹලා ප්‍රීති වන්නහු ය.


සුදනාට අඳුරෙහි එළියක් උදා වන්නේ ය; ඔහු දයාවන්ත ය; සානුකම්පිත ය; දැහැමි ය.


වයස ගිය පසු පවා ඒවා පලදාව දෙන්නේ ය; සාරවත් ව නිල් පැහැ ව ඒවා පවතින්නේ ය.


දාවිත් මුළු සභාව ඉදිරියෙහි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරමින් කතා කොට, මෙසේ කීවේ ය: “අපේ පිය වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබට සදහට ම ප්‍රශංසා වේවා.


බලාපොරොත්තු ඇති බැවින් ඔබට ආත්ම විශ්වාසය ඇත; ඔබ සිත් සතොසින් සුරක්ෂිත ව සැතපෙනු ඇත.


එවිට ඔබ සව් බලැති දෙවිඳුන් කෙරෙහි ප්‍රීතිමත් ව, ඔබේ මුහුණ එතුමාණන් වෙත ඔසවනු ඇත.


ඔබ ගන්න තීරණය සඵල වනු ඇත. ඔබේ මාවත පිට එළිය බැබළෙනු ඇත.


එකල එතුමාණන්ගේ පහන මාගේ හිසට උඩින් බැබළිණි. ඒ එළියෙන් මම අඳුර මැදින් ගමන් කෙළෙමි.


දැහැමියන් මත එළිය බබළයි; යහපත් අය මත සතුට දිළිසෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්