Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝනා 1:12 - Sinhala New Revised Version

12 “මා රැගෙන මුහුදට බිලි දෙන්න. එවිට මුහුද නිශ්චල වනු ඇත. මේ මහ කුණාටුව ඇති වී තිබෙන්නේ මා නිසා බව මම දනිමි”යි ඔහු ඔවුන්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 “මා රැගෙන මුහුදට බිලි දෙන්න. එවිට මුහුද නිශ්චල වනු ඇත. මේ මහ කුණාටුව ඇති වී තිබෙන්නේ මා නිසා බව මම දනිමි”යි ඔහු ඔවුන්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 මා අරන් මුහුදේ දමන්න; එවිට මුහුද නුඹලාට නිශ්චලවන්නේය. කුමක්හෙයින්ද මේ මහත් කුණාටුව නුඹලා පිටට පැමිණ තිබෙන්නේ මා නිසා බව දනිමියි ඔහු ඔවුන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝනා 1:12
10 හුවමාරු යොමු  

දාවිත් ද සෙනඟට පහර දෙන දූතයා, දැක, සමිඳාණන් වහන්සේට කතා කොට, “මම පව් කෙළෙමි. මම අපරාධ කෙළෙමි. එහෙත්, මේ බැටළුවෝ කුමක් කළෝ ද? අනේ ඔබේ අත මා පිටත්, මාගේ පවුල පිටත් පැමිණේ වා”යි කී ය.


දාවිත් දෙවියන් වහන්සේට කතා කොට, “සෙනඟ ගණන් කරන්න අණ කළ තැනැත්තා මම නොවෙම් ද? පව් කොට ඉතා දුෂ්ට ලෙස ක්‍රියා කෙළේ මම ය. එහෙත්, මේ බැටළුවෝ කුමක් කළෝ ද? අනේ! මාගේ දෙවි සමිඳාණන් වහන්ස, පහර දීම පිණිස ඔබේ හස්තය ඔබේ සෙනඟ පිට නොව මා පිටත්, මාගේ පිය වංශය පිටත් පැමිණේවා”යි කීවේ ය.


ඉශ්රායෙල් සෙනඟට තමන්ගේ සතුරන්ට මූණපෑමට නොහැකි වූයේ ඒ නිසා ය. සාපයට අසු වූ බැවින් ඔව්හු තමන්ගේ සතුරන්ට පිටුපාති. ඒ කැප කරන ලද දේ නුඹලා කෙරෙන් විනාශ කර නොදැමුවොත් මම තවත් නුඹලා සමඟ නොසිටින්නෙමි.


‘පාවුලු බිය නොවන්න; ඔබ අධිරාජයා ඉදිරියෙහි සිටින්නට ම ඕනෑ ය. මෙන්න, ඔබ සමඟ නැවෙන් යන සියල්ලන්ගේ ද ආරක්ෂාව දෙවියන් වහන්සේ ඔබට දුන් සේකැ’යි කී ය.


“ඔබ දන්නා දෙයක් නැත; මුළු ජාතියේ විනාශයට වඩා, ජනතාව උදෙසා එක මිනිසෙකුගේ මරණය යෝග්‍ය බව ඔබට තේරෙන්නේ නැතැ”යි කී ය.


යුද්ධායුධවලට වඩා ප්‍රඥාව අගනේ ය. එහෙත්, එක පව්කාරයෙකුට හොඳ දේවල් රැසක් බිඳදැමිය හැකි ය.


කුණාටුව වඩ වඩාත් වේගවත් වූ බැවින්, “මුහුද නිශ්චල වන පිණිස අප ඔබට කුමක් කළ යුතු දැ”යි ඔව්හු ඔහුගෙන් ඇසූ හ.


කෙසේ වෙතත්, නාවික පිරිස වෙරළට පැමිණෙන පිණිස වඩාත් වීර්යයෙන් නැව පැදවූ හ. එහෙත්, මුහුද වඩ වඩා සැරෙන් ඔවුන්ට විරුද්ධ ව නැඟී ආ බැවින් ඔවුන්ට එසේ කරන්නට බැරි විය.


ඔබේ දුෂ්ටකමින් අවැඩක් වන්නේ ඔබ වැනි මිනිසුන්ට පමණකි. ඔබේ දැහැමිකමින් මුළු මිනිස් වර්ගයාට වැඩක් වනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්