Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 9:8 - Sinhala New Revised Version

8 ඔවුන්ගේ දිව් මාරක ඊගස් වැනි ය. ඒවා කියන්නේ බොරු ම ය. ඔවුන්ගේ මුව අසල්වැසියාට සාමයෙන් කතා කරන නමුත්, තමන්ගේ සිත් තුළ සතුරු උපායයන් යොදයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ඔවුන්ගේ දිව් මාරක ඊගස් වැනි ය. ඒවා කියන්නේ බොරු ම ය. ඔවුන්ගේ මුව අසල්වැසියාට සාමයෙන් කතා කරන නමුත්, තමන්ගේ සිත් තුළ සතුරු උපායයන් යොදයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 ඔවුන්ගේ දිව මරණයේ ඊගසක්ය; ඒක වංචාව කථාකරයි. යමෙක් සමාදානයෙන් තමාගේ අසල්වාසියාට කටින් කථාකරන නුමුත් සිතින් ඔහු ගැන ප්‍රයෝගයක් යොදයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 9:8
21 හුවමාරු යොමු  

සිය අසල්වැසියන් සමඟ සාමදානයෙන් කතා කළත්, හිත යට නපුරු චේතනා ඇති දුෂ්ටයන් ද නොපණත්කම් කරන්නන් ද සමඟ මා පහ නොකළ මැනව.


සත්‍යය වෙනුවට, දේශය පුරා වේගයෙන් පැතිර යන බොරුවට ඔවුන්ගේ දිව් දුන්නක් මෙන් නැමී යයි. සමිඳාණන් වහන්සේ කතා කොට, “ඔව්හු නපුර පිට නපුර කර මා නොහඳුනති”යි වදාරන සේක.


එම්බා වංචාකාරයෙනි! දෙවිඳුන් ඔබට කුමක් කළ යුතු ද? කුමන දඬුවමක් දිය යුතු ද?


මිනිසුන් කන සිංහයන් වැනි රුපුන් මැද මම වැතිර සිටින්නෙමි. උන්ගේ දත් හෙල්ල හා ඊගස් වැන්න; උන්ගේ දිව් මුවහත් අසිපත් වැන්න.


බද්ධ වෛරය සිත තුළ පැසෙන නමුත්, ඔහුගේ කතාව වෙඬෙරු මෙන් සුමුදු ය; ඔහුගේ වචන, තෙලට වඩා මොළොක් ය. එහෙත් ඒවා, මුවහත් කඩු පහර මෙන් වූයේ ය.


මිනිසා මිනිසාට බොරු පවසයි; චාටු බසින් දෙසිත් ඇති ව කතා කරයි.


අබ්නේර් හෙබ්‍රොන් නගරයට පෙරළා ආ කල, ජෝවාබ් ඔහු සමඟ රහසින් කතා කරන පිණිස දොරටුවේ පැත්තකට ඔහු කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේ ය. අබ්නේර් මැරුණේ ය. එසේ කෙළේ, අබ්නේර් ජෝවාබ්ගේ සහෝදරයා වූ අසාහෙල් මැරූ නිසා ය.


ඔවුන් එකිනෙකා තම තමාගේ අසල්වැසියා රවටනු ඇත. කිසිවෙක් ඇත්ත කතා නොකරති. බොරු කීමට ඔව්හු පුරුදු වී සිටිති; ඔව්හු අපරාධ කරති. එහෙත්, පසුතැවී සිත් හරවා ගැනීමට නොවෙහෙසෙති.


“මාගේ සෙනඟ අතරේ දුෂ්ටයෝ සිටිති. එබී, නැමී බලා සිටින පක්ෂි වැද්දන් මෙන් ඔව්හු රැක සිටිති. ඔව්හු මලපතක් තබා මිනිසුන් අසු කරගනිති.


අති උත්තමයාණෝ මුසා දොඩන්නන් වනසන සේක. ඔවුන් දකින සියල්ලෝ හිස් වනන්නෝ ය.


සුහද කතා ඔවුන් වෙත නැත; රටේ සාමකාමී අයට එරෙහි ව ඔව්හු බොරු බේගල් ගොතති.


අනුන්ට විරුද්ධ ව බොරු සාක්ෂි කියන්නා මුගුරක් ද කඩුවක් ද තියුණු ඊගසක් ද මෙන් නපුරු ය.


ඔබ එකිනෙකා තම තමාගේ අසල්වැසියාගෙන් ප්‍රවේසම් වන්න; කිසි සහෝදරයෙකු ද විශ්වාස නොකරන්න. මන්ද, හැම සහෝදරයෙක් ම ප්‍රයෝගකාරයෙකි; හැම අසල්වැසියෙකු ම කේළාම් කියමින් ඇවිදිනු ඇත.


ධනපතීහු දුප්පතුන් සූරා කති. එහි වැසියෝ බොරු කියති. ඔවුන්ගේ කතාව වංචනික ය.


සමිඳුනි, ඔවුන්ගේ චාටු බස් නවත්වන්න; පුරසාරම් නැති කරන්න.


මාගේ සිතට සහනය ඇත්තේ දෙවිඳුන් තුළ පමණකි; මට ගැළවීම ලැබෙන්නේ එතුමාණන්ගෙන් පමණකි.


මේ කාරණා නිසා මම ඔවුන්ට දඬුවම් නොකර සිටිම් ද? මෙවැනි ජාතියකින් මම පළි නොගෙන සිටිම් ද? මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්