Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 51:9 - Sinhala New Revised Version

9 විදේශීහු කතා කරමින්, ‘අපි බබිලෝනිය සුව කරන්නට උත්සාහ කෙළෙමු; එහෙත්, ඈට සුවය ලැබී නැත. අපි ඇය අත්හැර ආපසු අපේ ම රටවලට යමු. මන්ද, බබිලෝනියේ විනාශය අහස උසට, වලාකුළු දක්වා නැඟුණේ ය’යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 විදේශීහු කතා කරමින්, ‘අපි බබිලෝනිය සුව කරන්නට උත්සාහ කෙළෙමු; එහෙත්, ඈට සුවය ලැබී නැත. අපි ඇය අත්හැර ආපසු අපේ ම රටවලට යමු. මන්ද, බබිලෝනියේ විනාශය අහස උසට, වලාකුළු දක්වා නැඟුණේ ය’යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 අපි බබිලෝනිය සුවකරන්ට උත්සාහකෙළෙමුව, නුමුත් ඈට සුවවෙලා නැත. ඇය අත්හරින්න, අපි එකිනෙකා තම තමාගේ රටට යමු. මක්නිසාද ඇගේ විනිශ්චය අහසට ළංවී වලාකුල් දක්වා නැගුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 51:9
13 හුවමාරු යොමු  

මන්ද, ඇගේ පාප අහස උසට ගොඩ ගැසී ඇත. දෙවියන් වහන්සේ ඇගේ අපරාධ අමතක නොකළ සේක.


වපුරන්නන් ද දෑකැත්ත අතින් ගත් ගොයම් කපන්නන් ද බබිලෝනියෙන් වනසාලන්න. පීඩා කරන කඩුවට බියෙන් සියලු දෙනා ම තම තමන්ගේ සෙනඟ වෙත හැරී සිය මවුබිම බලා පලා යන්නෝ ය.”


එවිට, ලුහුබඳනා ලද මුවන් මෙන් ද එඬේරෙකු නැති ව විසිරී යන බැටළුවන් මෙන් ද බබිලෝනියේ සිටින විදේශිකයෝ සිය මව් බිම කරා තම තමාගේ සෙනඟ වෙත පලා යන්නෝ ය.


නුඹලාගේ හේවායෝ පැකිළී වැටෙන්නෝ ය. ඔව්හු එකිනෙකා අමතා ‘නැඟිටින්න, අපේ සතුරන්ගේ කඩුවෙන් මිදී, අපේ දේශයේ අපේ සෙනඟ වෙත යමු’යි කියන්නෝ ය.


‘මාගේ දෙවියන් වහන්ස, මම ලජ්ජාවට පත් වී, මාගේ දෙවි වන ඔබ දෙසට මාගේ මුහුණ ඔසවන්නට බියෙන් සිටිමි. මන්ද, අපේ ද්‍රෝහිකම අපේ හිස්වලටත් ඉහළින් නැඟී ගොස් ඇත. අපේ පාප ස්වර්ගය දක්වා නැඟී තිබේ.


මිසරයේ සිටින කුලී හේවායෝ තර කරන ලද වස්සන් වැනි ය. ඔවුන්ගේ විපත්ති දවස, ඔවුන්ගේ විනිශ්චයයේ දවස, එනම්, ඔවුන්ට දඬුවම් කිරීමේ දවස ඔවුන් වෙත ළඟා වූ නිසා ඔවුන්ට කෙළින් සිටීමට නොහැකි ව, ඔව්හු පසු බැස හැරී එක් ව පලා ගියෝ ය.


සෙනඟ පිළිතුරු දෙමින්, “අස්වැන්න නෙළන කාලය පසු විය; ග්‍රීෂ්ම කාලය කෙළවර විය; එහෙත්, අපට ගැළවීම ලැබී නැතැ”යි කියන්නෝ ය.


තරුණ කාලයේ සිට නුඹ පුහුණු වීමට වෙහෙස ගනිමින් ඇසුරු කළ මේ දෛවඥයන්ගේ අවවාදවලින් නුඹට කිසි වැඩක් සිදු නොවේ. ඔව්හු නුඹ අත්හැරදමා වෙන අතක් බලා යන්නෝ ය. නුඹ ගළවන්න කිසිවෙක් නොවෙති.”


එහෙත්, එහි සිටි ඕදෙද් නමැති සමිඳාණන් වහන්සේගේ දිවැසිවරයෙක් සමාරියට ආ සේනාව සම්මුඛ වන්න පිටත් ව ගොස් ඔවුන්ට කතා කොට, “ඔබ සැමගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ජුදා කෙරෙහි උදහස් වූ නිසා උන් වහන්සේ ඔවුන් ඔබ අතට පාවා දුන් සේක. ඔබ අහසට නැඟෙන තරම් මහා කෝපයකින් ඔවුන් මැරුවහු ය.


තවද, මෙසේ කියන හඬක් ස්වර්ගයෙන් මට ඇසිණි: “මාගේ සෙනඟෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ වංසගතවලට අසු නොවන පිණිසත් ඇගෙන් ඉවත් ව එන්න.


“ඔවුන් මාගෙන් පලා ගිය නිසා, ඔවුන්ට වන විපතක මහත! ඔවුන් මට විරුද්ධ ව කැරලිගැසූ නිසා ඔවුන්ට වන විනාශයක මහත! මම ඔවුන් මුදාගන්න කැමැති වීමි; එහෙත්, ඔව්හු මට විරුද්ධ ව බොරු කී හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්