Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 51:52 - Sinhala New Revised Version

52 එබැවින් මා බබිලෝනියේ දේව රූපවලට දඬුවම් කරන දවස් පැමිණෙන්නේ ය. ‘දේශය මුළුල්ලෙහි තුවාළ ලැබූ අය කෙඳිරිගානු ඇතැ’යි මම කියමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

52 එබැවින් මා බබිලෝනියේ දේව රූපවලට දඬුවම් කරන දවස් පැමිණෙන්නේ ය. ‘දේශය මුළුල්ලෙහි තුවාළ ලැබූ අය කෙඳිරිගානු ඇතැ’යි මම කියමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

52 එබැවින් මා විසින් ඇගේ රූපවලට දඬුවම්කරන දවස් පැමිණෙන්නේය; ඇගේ දේශය මුළුල්ලෙහි තුවාල ලැබූ අය කෙඳිරිගානවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 51:52
6 හුවමාරු යොමු  

එබැවින් බබිලෝනියේ තිබෙන කැපූ රූපවලට මා දඬුවම් කරන දවස් පැමිණෙන්නේ ය. මුළු දේශය ලජ්ජාවට පමුණුවනු ලබන්නේ ය. මරනු ලබන සියල්ලෝ එහි ම වැටී සිටින්නෝ ය.


නියඟයක් පැමිණ එහි ජලය සිඳී යන්නට සලසනු ඇත. මන්ද, බබිලෝනිය දේව පිළිමයන්ගෙන් පිරී ගිය දේශයකි; ඒවා ගැන එහි සෙනඟ උමතු වී සිටිති.


මම බබිලෝනියේ රජුගේ බාහුව බලවත් කොට මාගේ කඩුව ඔහු අතට දෙන්නෙමි. පාරාවෝගේ බාහුව කඩන්නෙමි, ඔහු මරණීය තුවාළ ලත් කෙනෙකුගේ කෙඳිරිගෑම්වලින් ඒ අය ඉදිරියෙහි කෙඳිරිගානු ඇත.


එසේ ය, මම ඈ තුළ වසංගතයත්, ඇගේ වීදිවල ලේ වැගිරීමත් ඇති කරන්නෙමි. හාත්පසින් ඈ පිට පැමිණෙන කඩුවෙන් ඈ තුළ මනුෂ්‍යයෝ මැරුම් කා වැටෙන්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්