Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙරෙමියා 51:32 - Sinhala New Revised Version

32 එහි වරායයන් අල්ලාගනු ඇත; පවුරු ගින්නෙන් දැවී ඇත; හේවායෝ බියෙන් වෙවුළති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 එහි වරායයන් අල්ලාගනු ඇත; පවුරු ගින්නෙන් දැවී ඇත; හේවායෝ බියෙන් වෙවුළති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

32 බබිලෝනියේ රජුට දන්වන පිණිස පණිවිඩකාරයෙකුගේ පෙරමගට පණිවිඩකාරයෙක්ද දැනුම්දෙන අයගේ පෙරමගට දැනුම්දෙන අයෙක්ද දුවනවා ඇත

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 51:32
7 හුවමාරු යොමු  

මාගේ වචනයේ බලයෙන් මුහුද වියළී යන්නේ ය. ‘වියළී යව’යි මුහුදට අණ කරන්නේත් මම ය.


ඔව්හු ඉපනැලි මෙන් වන්නෝ ය; ගින්න ඔවුන් දවන්නේ ය. ගිනි දැල්ලේ බලයෙන් තමන් ම ගළවාගන්න ඔවුන්ට නොහැකි ය. ඒ ගින්න වනාහි තපින පිණිස අඟුරු ගොඩක් වත්, ළං වී සිට උණුසුම ලබන පිණිස ගින්නක් වත් නොවන්නේ ය.


බබිලෝනියේ හේවායෝ සටනින් පසු බැස තමන්ගේ බලකොටුවල රැඳී සිටිති. ඔවුන්ගේ බලය හීන වී ඔව්හු ස්ත්‍රීන් මෙන් දුබල වී සිටිති. බබිලෝනියේ වාසස්ථාන ගිනි ලා තිබේ. නගරයේ දොරටු කඩාදමා තිබේ.


නගරය හැම පැත්තෙන් ම අසු වී තිබෙන බව බබිලෝනියේ රජුට දන්වන පිණිස පණිවුඩකාරයන් පිට පණිවුඩකාරයන් යවනු ඇත.


බබිලෝනිය ගොයම් පාගන කාලයෙහි දී දකින්නට ලැබෙන කමතක් වැනි ය. තව ස්වල්ප කාලයකින් ගොයම් කපන කාලය පැමිණෙනු ඇත. ඉශ්රායෙල්වරුන්ගේ සව් බලැති දෙවි සමිඳාණෝ මෙසේ පවසන සේක.


එවිට නගරයේ පවුරු බිඳිනු ලැබී ය. බබිලෝනිවරුන් නගරය වටලාගෙන සිටිය දී හේවායෝ සියලු දෙන රාත්‍රි කාලයේ ගැළවී යන්නට උත්සාහ කළෝ ය. ඔව්හු රජ උයන ළඟ පවුරු දෙකට අතරේ තිබෙන දොරටුවෙන් පිටත් වී අරබා සමභූමි මාර්ගයෙන් ජොර්දාන් මිටියාවත දෙසට පලා ගියෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්