Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 51:19 - Sinhala New Revised Version

19 ජාකොබ්ගේ දෙවිඳාණෝ ඒවාට සමාන නොවන සේක. එතුමාණෝ වනාහි සියලු දේ මැවූ තැනැන් වහන්සේ ය. ඉශ්රායෙල් වනාහි එතුමන් තෝරාගත් ගෝත්‍රය ය. එතුමන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ජාකොබ්ගේ දෙවිඳාණෝ ඒවාට සමාන නොවන සේක. එතුමාණෝ වනාහි සියලු දේ මැවූ තැනැන් වහන්සේ ය. ඉශ්රායෙල් වනාහි එතුමන් තෝරාගත් ගෝත්‍රය ය. එතුමන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 යාකොබ්ගේ කොටසවූ තැනන්වහන්සේ ඒවාට සමාන නැත; උන්වහන්සේ වනාහි සෑම දේම මැවූ තැනන්වහන්සේය; ඉශ්‍රායෙල් උන්වහන්සේගේ උරුම ගෝත්‍රයය. උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 51:19
19 හුවමාරු යොමු  

ජාකොබ්ගේ දෙවිඳාණෝ ඒවාට සමාන නැත; සියලු දේ මවා ඇත්තේ එතුමාණෝ ය; ඉශ්රායෙල් සෙනඟ එතුමාණන් තෝරාගත් සෙනඟ ය. සව් බලැති සමිඳාණෝ යනු එතුමාණන්ගේ නාමය වේ.


මාගේ ගත සිත කෙමෙන් වැහැරෙයි; එහෙත්, දෙවිඳාණෝ මාගේ ශක්තිය ද උරුමය ද වන සේක.


එහෙයින්, අන්ධකාරයෙන් ස්වකීය විස්මපත් ආලෝකයට ඔබ කැඳවාගත් තැනැන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියා දන්වනු පිණිස ඔබ වනාහි තෝරාගත් වංශයක් ද රාජකීය පූජක පෙළක් ද ශුද්ධ ජාතියක් ද දෙවියන් වහන්සේ සතු සෙනඟක් ද වන්නහු ය.


සමිඳුන් තමන් දෙවියන් කොට සලකන ජාතිය ද දෙවිඳුන් සතු උරුමය ලෙස තේරුණු සෙනඟ ද ආසිරි ලද්දෝ ය.


ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ අප නිදහස් කරන සේක. එතුමාණන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය.


මට ඇත්තේ සමිඳාණෝ පමණකැ යි මාගේ සිත කියයි. එබැවින් එතුමාණන් කෙරෙහි මම බලාපොරොත්තු වන්නෙමි.


“බබිලෝනියේ වැසියෙනි, නුඹලා මාගේ දේශය කොල්ලකෑවහු ය. ගොයම් මඩින එළ නෑම්බියක මෙන් නුඹලා පැන පැන සිටිමින්, ශක්තිමත් අශ්වයන් මෙන් හේෂාරවය කරමින් ප්‍රීති වන්නහු ය.


සමිඳාණෝ තමන්ට ම ජාකොබ්ගේ පෙළපත ද තමන්ගේ විශේෂ උරුමය කොට ඉශ්රායෙල් සෙනඟ ද තෝරාගත් සේක.


අපේ දෙවි තුමාණෝ ස්වර්ගයේ ය; තමන් කැමැති කුමන දෙයක් වුවත් එතුමාණෝ කරන සේක.


පෙර කල ඔබට ම තෝරාගත්, උරුම වංශය කරගන්න පිණිස වහල්කමින් මුදාගත්, ඔබේ සෙනඟ සිහි කළ මැනව. ඔබේ නිවාසය වූ සියොන් කන්ද සිහි කළ මැනව.


සමිඳුනි, මාගේ උරුමය හා ඉරණම ඔබ වහන්සේ ය. ඔබ, ඔබ පමණක් ම මා උරුම කොටස රක්නා සේක.


සමිඳුන්ගේ කොටස එතුමන් සෙනඟ ය, සිය උරුමය ජාකොබ් පෙළපත ය.


සමිඳාණෝ සිය බලයෙන් පොළොව මැවූ සේක; සිය ඥානයෙන් ලෝකය පිහිටෙව් සේක; සිය නුවණින් අහස පැතිරෙව් සේක.


පොළොව මවා, එය පිහිටුවන පිණිස එය සකස් කළ ස්වාමීන් යන නාමය ඇති තැනැන් වහන්සේ ජෙරමියාට කතා කොට මෙසේ වදාළ සේක:


එහෙත්, ඔවුන්ගේ මිදුම්කාරයාණෝ බලසම්පන්න වන සේක, උන් වහන්සේගේ නාමය සියලු බලැති සමිඳාණන් වහන්සේ ය. ඔවුන්ගේ පැමිණිල්ල සාධාරණ ලෙස විසඳන සේක; ලොවට සාමය දෙන සේක; එහෙත්, බබිලෝනියේ වැසියන්ට කැළඹීම ඇති කරන සේක.


අහස විහිදුවා පොළොවේ අත්තිවාරම දැමූ නුඹලාගේ මැවුම්කාරයා අමතක කළහු ද? නුඹලා විනාශ කිරීමට අරමුණු කරගත් පීඩා කරන්නන්ගේ කෝපය නිසා නුඹලා දවස මුළුල්ලේ ම වෙවුළන්නේ කුමට ද? පීඩා කරන්නන්ගේ කෝපයෙන් නුඹලාට කිසි හානියක් නොවන්නේ ය.


සව් බලැති දෙවි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් හා ජුදා සෙනඟ අත්හැරදමා නැත. එහෙත්, බබිලෝනි දේශය ඉශ්රායෙල්හි සුවිශුද්ධ තැනැන් වහන්සේට විරුද්ධ ව වරදින් පිරී තිබේ. ඔවුන් අත්හැරදමා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්