Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 51:1 - Sinhala New Revised Version

1 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “බලන්න! මම බබිලෝනියට ද එහි වැසියන් වන කල්දිවරුන්ට ද විරුද්ධ ව යාමට විනාශකාරයෙකු පොළඹවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “බලන්න! මම බබිලෝනියට ද එහි වැසියන් වන කල්දිවරුන්ට ද විරුද්ධ ව යාමට විනාශකාරයෙකු පොළඹවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක. බලව, මම බබිලෝනියට විරුද්ධවද ලෙබ්-කමයි වැසියන්ට විරුද්ධවද නාස්තිකරන හුළඟක් හටගන්වන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 51:1
23 හුවමාරු යොමු  

යුධ සක් හඬ ඇසුණොත් නගරයේ සෙනඟ බිය නොවෙත් ද? සමිඳුන් නොපැමිණෙව් විපතක් නගරයේ ඇති වෙයි ද?


ඔවුන් සශ්‍රික බට ගස්මෙන් සරු වෙතත්, ඔවුන්ගේ උල්පත් හා ජලාශ වියළී යන පිණිස සමිඳාණන් වහන්සේ පාළුකරයෙන් පෙරදිග සුළඟක් එවන සේක. වටිනා සියලු දේ එයින් නැති වී යන්නේ ය.


ඔහු භ්‍රාන්ත වී බිම වැටුණේ ය. එවිට: “සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ”යි කියන හඬක් ඔහුට ඇසිණි.


මේ දර්ශනවලින් පසු සියලු බලැති සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟ කොල්ලකෑ ජාතීන් වෙත තේජාන්විත සේවය සඳහා මා යවමින් මෙසේ වදාරන සේක:


එහෙත්, එය කෝපයෙන් උදුරනු ලැබ, බිමට හෙළනු ලැබුවේ ය. එහි පල පෙරදිග සුළඟට වියළී ගොස් වැටී ගියේ ය. එහි සවි ඇති දඬු කඩනු ලැබී ය. ඒවා වියළී ගොස් ගින්නෙහි දවනු ලැබී ය.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල්හි සෙනඟ ද ජුදාහි සෙනඟ ද එකට පීඩා විඳින්නෝ ය. ඔවුන් වහල්කමට ගත් සියල්ලෝ ඔවුන්ට යන්නට ඉඩහරින්න අකමැති වී ඔවුන් අල්ලාගෙන ම සිටිති.


“බබිලෝනියට විරුද්ධ ව දුනු තැත් කවන දුනුවායන් සියල්ලන් කැඳවන්න; ඈට විරුද්ධ ව වටකරින් කඳවුරු බැඳ, කිසිවෙකුට ගැළවී යන්නට ඉඩ නෑර, ඇගේ ක්‍රියාවන්ට සරිලන සේ ඈට ප්‍රතිවිපාක දී ඈ අනුන්ට කළ ලෙස ම ඈටත් කරන්න. මන්ද ඈ ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ දෙවි ස්වාමීන් වහන්සේ වන මට විරුද්ධ ව නැඟී සිටියා ය.


අහෝ බබිලෝනිය! මම නුඹට මලපතක් තැබීමි, නුඹ ද නොදැනුවත් ව ම එයට අසුවුණෙහි ය. නුඹ මට විරුද්ධ ව යුද්ධ කළ නිසා අසු වී අල්ලන ලද්දෙහි ය.


“මෙරාතයිම් දේශයටත්, පෙකොඩ්හි වැසියන්ටත් විරුද්ධ ව නැඟී ගොස් ඔවුන් ලුහුබැඳ, ඔවුන් සහමුලින් ම විනාශ කර දමන්න; මා නුඹලාට අණ කළ සියල්ල කරන්න. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


මන්ද, මම උතුරු දේශයෙන් බලවත් ජාතීන් රැසක් බබිලෝනියට විරුද්ධ ව පොළඹවා ගෙනෙන්නෙමි. ඔවුන් බබිලෝනියට විරුද්ධ ව සැරසී සිට එය අල්ලාගනු ඇත. ඔවුන් විදින ඊගස කවදාවත් හිස් අතින් ආපසු නොඑන දක්ෂ වීරයන් මෙන් ඒවායේ ඉලක්කය නොවරදවන්නේ ය.


මම ඒලාම්ට විරුද්ධ ව සතර කොනෙන් සුළං සතරක් හමන්න සලස්වා ඒ සුළඟින් එහි වැසියන් හැම අතට ම විසුරුවා දමන්නෙමි. ඒලාම් රටෙන් පන්නනු ලබන අය පලා නොයන රටක් නොවන්නේ ය.


ඔහු ආරංචියක් අසා තමාගේ දේශයට හැරී යන ලෙස මම ඔහුගේ සිතට අදහසක් දමා, ඔහුගේ දේශයේ දී ඔහු කඩුවෙන් මැරී වැටෙන්නට සලස්වන්නෙමි’යි කියා ඔබේ ස්වාමියාට දන්වන්නැ”යි කී ය.


අහෝ බබිලෝනිය! විනාශකාරී බබිලෝනිය! තී අපට කළාක් මෙන් තිට ප්‍රතිවිපාක දෙන මිනිසා වාසනාවන්ත ය.


“බලන්න, සමිඳාණන් වහන්සේගේ උදහස දරුණු සුළි සුළඟක් මෙන් හමමින්, දුෂ්ටයන්ගේ හිස මත කඩා වැටෙයි.


සව් බලැති සමිඳුන් වන මම, මාගේ උදහස දක්වන දවසේ දී අහස චංචල කරන්නෙමි; පොළොව ද නියම තැනින් විසි වී යන්නේ ය.


වලාකුළු පසු කොට ඉහළට නැඟී සර්ව පරාක්‍රමයාණන්ට සමාන වන්නෙමි.


බබිලෝනිය පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: කාන්තාරය හරහා හමන සුළි සුළඟක් සේ භයානක දේශයකින් විනාශය පැමිණෙන්නේ ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “කන්‍යාවක වැනි බබිලොන් දුව බැස අවුත් බිම දූවිල්ලේ හිඳගන්න. බබිලොන් අඟන! සිංහාසනයෙන් බැස අවුත් බිම හිඳගන්න. තවත් නුඹ ‘සුමුදු සුවිනීත ලතාවකැ’යි කියනු නොලබන්නෙහි ය.


බබිලෝනිය අහස උසට නැගුණත්, එහි ශක්තිමත් බලකොටු සාදාගත්තත් මා යවන විනාශකයන් ඈ කරා පැමිණෙනු ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


බබිලෝනියට පැමිණෙන සියලු විපත්ති ගැන ද බබිලෝනියට විරුද්ධ ව ලියා තිබෙන සියලු දේ ගැන ද ජෙරමියා පොතක ලිව්වේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්